
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම දුම්රියපොළ පටුමග ප්‍රදේශයේ පිහිටි පැල්පත් නිවාස පේළියක,නිවසක ජීවත්වන පුද්ගලයකු අද අලුයම් කාලයේෙ බිරිඳ සමග ඇතිවූ ආරවුලක් මත මවට සහ බිරිඳට මන්නයකින් පහරදී ඔවුන් ජීවත් වූ කුඩා නිවසටද ගිනි තබා පලා ගොස් ඇති බව මහරගම පොලිසිය කියයි
පැල්පත් නිවස ගිනි ගනිමින් තිබියදී අවට ප්‍රදේශවාසීන් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථයක් කැඳවා මහත් පරිශ්‍රමයක් දරා ගින්න මැඩ පැවැත්වූ බව මහරගම පොලිසිය කියයි.
සැකකාර ගෙහිමියා තවත් මිතුරකු සමග නිවසට පැමිණ කිසියම් මත්ද්‍රව්‍යයක් බව කයන දෙයක් පානය කිරීමට සූදානම්වූ අවස්ථාවේදී එයට විරුද්ධ වූ බිරිඳ සමග උරණවූ මෙම පුද්ගලයා තියුණු ආයුධයක් ගෙන බිරිඳගේ ගෙල ප්‍රදේශයට කෙටීමට යාමේදී බිරිඳ එම මන්නා පහර දී ඇති අතර එම ගැටුම බේරීමට ආ අ මවට ද පහරදී නිවසට ගිනි තබා පළාගොස් ඇත.
නිවස තුළින් විශාල ගිනි දළු සහ දුමාරයක් පිටවූ බවත් එම අවස්ථාවේදී යුහුසුලුව ක්‍රියාත්මක වූ පැල්පත්වාසී පුද්ගලයන් ජලය රැගෙනවිත් ගින්න පාලනය කිරීම සඳහා උත්සහ කර ඇත. පසුව මහරගම පොලිස් ස්ථානය සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න නිවා ඇත.
ගිනි ගැනීම හේතුවෙන් නිවස තුළ තිබූ සියලුම දේ විනාශ වී ඇති අතර ගින්න මැඩපැවැත්වීමට යුහුසුළුව කටයුතු සිදු කළේ නැතිනම් විනාඩි කිහිපයක් තුළ මුළු නිවාස පේලියටම ගිනි ඇවිලී මීට වඩා දරුණු ඛේදවාචකයට මුහුණ දීමට සිදුවන බවද පොලිසිය පැවැසීය.
නිවසට ගිනි තැබූ සැකකරු තදින්ම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට පුරුදුවූ පුද්ගලයකු බවත් සෑම දිනකම මේ මත්ද්‍රව්‍ය පානය කොට පැමිණ මේ ආකාරයෙන් තම බිරිඳට සහ මවට පහර දෙන බවද මූලික පරීක්ෂණවලදී හෙළි වූ බවත් පොලීසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd