
(අංජුල මහික වීරරත්න)
'රටම එකට' මත්ද්‍රව්‍ය විරෝධී වැඩ සටහන යටතේ කෙටිකාලීන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම හා කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෑත කාලීනව ' රටම එකට ' මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන ක්‍රියාත්මක කිරීමත් සමඟ ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර සේවාවන් වෙත යොමු වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව වැඩි වීම හේතුවෙන් වැඩි වන ප්‍රතිකාර සේවාවන් සම්බන්ධ ඉල්ලුම සපුරාලීම සඳහා පවතින නේවාසික පහසුකම් ප්‍රමාණවත් නොවන බව හඳුනා ගනු ලැබ ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස රට පුරා ව්‍යුහගත ප්‍රතිකාර සහ පුනරුත්ථාපන සේවා පුළුල් කිරීමේ කඩිනම් අවශ්‍යතාවක් පැන නැගී තිබේ. ඊට පිළියමක් ලෙස ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර සඳහා ඇතුළත් වන පුද්ගලයන් වෙනුවෙන් කෙටිකාලීන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන බවට පරිවර්තනය කිරීමට සුදුසු, ඌන උපයෝජිත රාජ්‍ය ගොඩනැගිලි පරිශ්‍ර 06ක් හඳුනාගෙන ඇති අතර, එම මධ්‍යස්ථාන රජයේ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කෙරෙමින් පවතී.
ඒ අනුව යෝජිත කෙටිකාලීන ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථාන 06 ස්ථාපිත කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd