(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බන්දු තඹවිට)

මතුගම බාලිකා පාරේ නිවසකට ගිණි අවි රැගෙන කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් තිදරු මවක එම ස්ථානයේම මිය ගොස් ඇතැයි මතුගම පොලිසිය කියයි

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දිල්ෂානි පෙරේරා නමැති කාන්තාවකි.

වෙඩි ප්‍රහාරයට ලක් වූ කාන්තාව සැමියා සහ දරුවන් සමඟ නිවස තුළ සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු නිවස තුළට කඩා වැදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි

මියගිය කාන්තාවගේ සැමියා වෙඩි ප්‍රහාරය එල්ල වෙද්දී දරුවන් රැගෙන කාමරයකට කඩා වැදී දොර වසා ගෙන ඇති අතර පැමිණි සන්නද්ධ පුද්ගලයන් එම කාමරයේ දොරට ද වෙඩි තබා ඇතැයි පොලිසිය කියයි

ගිනි අවිය රැගෙන සන්නද්ධව නිවසට කඩා වැදුණු පුද්ගලයා නිවසේ ඒ මේ අත වෙඩි ප්‍රහාර රැසක් එල්ල කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි

මතුගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ