(ක. ග. කරුණාරත්න)
මත්ද්‍රව්‍ය භාවිතා කරමින් හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයක මුහුණු පොතේ මිතුරන්ගේ සාදයක් පවත්වමින් සිටි කාන්තාවන් 06 ක් ඇතුළුව පුද්ගලයන් 89 දෙනෙකු අද (03) අලුයම අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය කියයි.
මොවුහු අවුරුදු - 19,20,25,30,35,45 ආදී විවිධ වයස් කාණ්ඩවල පසුවූවෝ වෙති.
පොලිස් අත්අඩංගුවට පත් පිරිස් අතර කොළඹ, දෙහිවල, හෝමාගම, කුරුණෑගල, අනුරාධපුර, තඹුත්තේගම, ත්‍රිකුණාමලය, පොළොන්නරුවල බැඳිවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිටින බව හෙලිවී ඇත.
මොවුන් විසින් මෙම සාදයේ දී භාවිතා කළ බව කියන හෙරොයින්, ගංජා, කේරළ ගංජා, අසීස් ආදී මත්ද්‍රව්‍ය ද අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී තිබේ.
හිඟුරක්ගොඩ පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ තරුණියෝ සමග වැඩිහිටියන් යයි කිව හැකි පුද්ගලයන්ද මෙයට සහභාගී වීම යනු රට යන අත මොනවට පැහැදිලි කරනවද? මේ මත් උවදුර අපේ රටට කොතරම් හිසරදයක් වෙලා තියනවද? බාල මහලු හැමෝම බිලිඅරන්. මේ යන විදිහට ඉදිරියට ළදරුවන්ටත් ඇබ්බැහි කරයි. තමන්ගේ සුඛ විහරණයට අනුන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීම තරම් නිහීනකමක් තවත් තියෙනවද? නීතිය හරියට ක්‍රියාත්මක කර මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙලොවින් සදහටම තුරන් කළානම් කෙතරම් අගනේද? එය පැහැදිලිවම ජාතික අවශ්‍යතාවයක්...
එවැනි අයට මතක හිටින්න උපරිම දඩුවම් දිය යුතුයි.
පොලිසිය ඔය වේගෙන්ම ඇවිත් ප්‍රධාන නගර වල තියන මත් කුඩු, පෙති පාවිච්චි කරන, සූදු කෙලින, ක්ලබ් ටිකත් වටලන්නකෝ... මේ මධ්‍යම පන්තියේ තරුණ, තරුණියන් අල්ලනවා වගේ...
අහෝ දෙවියනි, මොකද්ද මේ ලංකාවට වූ විනාශය !!!
තරුණ තරුණියෝ සමග වැඩිහිටියෝ යයි කිව හැකි පුද්ගලයන්ද මෙයට සහභාගී වීම යනු රට යන අත මොනවට පැහැදිලි කරනවද? මේ මත් උවදුර අපේ රටට කොතරම් හිසරදයක් වෙලා තියනවද? බාල මහලු හැමෝම බිලි අරන්. මේ යන විදිහට ඉදිරියට ළදරුවන්ටත් ඇබ්බැහි කරයි. තමන්ගේ සුඛ විහරණයට අනුන්ගේ ජීවිත සමග සෙල්ලම් කිරීම තරම් නිහීන කමක් තවත් තියෙනවද? නීතිය හරියට ක්‍රියාත්මක කර මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙලොවින් සදහටම තුරන් කරානම් කෙතරම් අගනේද? එය පැහැදිලිවම ජාතික අවශ්‍යතාවයක්...
ඔය ෆේස්බුක් එක ලංකාවේ බොහෝවිට භාවිතා වන්නේ ඕපාදුප පැතිරවීමට සහ මත්කුඩු සාද සංවිධාන කිරීමට... ඔය කෙහෙල්මල ලංකාවේ තහනම් කළ යුතුයි.