(නිමන්ති රණසිංහ)
රුපියල් ලක්ෂ 22ක් වටිනා ‘මත් මුද්දර’ 1200ක් විකිණීම සඳහා සන්තකයේ තබා ගෙන සිටි හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලිම් ඒකකයට ලද තොරතුරකට අනුව අද පස්වරුවේදී මෙම වැටලීම සිදුකර ඇති තිබේ.
හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවකු ලෙස සේවය කරන මෙම සැකකරුට මත් මුද්දර ලබා දී ඇත්තේ කොට්ටාව ප්‍රදේශයේ පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම සැකකරු මත් මුද්දරයක් රුපියල් දහසක මුදලකට ලබාගෙන ඇති අතර ඒවා රුපියල් දෙදහසකට විකිණීම සිදුකර ඇතැයි ද පොලීසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මත් මුද්දර කියන්නේ...?