(විමුක්ති එස්. රුද්‍රිගු) ‍

රාගම දඹුව ගල්වත්ත ප්‍රදේශයේ දී මත් කරල් තොගයක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි.

රුපියල් ලක්ෂ පහක් පමණ වීදි වටිනාකමක් ඇති මෙම මත් කරල් සමග වයස අවුරුදු 54 හැවිරිදි පුද්ගලයකු  අත්අඩංගුවට ගෙන ඇත .

මෙම මත්කරල් මොහුට ලැබුණු ආකාරය විමර්ශනය සඳහා විශේෂ පරික්ෂණයක් ආරම්භ කළ බව රගම පොලිසිය කියයි.

කැලණිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් පරිදි රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක භවන්ත රාජකරුණා ,පොලිස් කොස්තාපල් 1282 ගුණරත්න ඇතුළු නිලධාරී මහත්වරුන් විසින් වැටලීම සිදු කර ඇත