
(අමදෝරු අමරජිව)
ලොව වදවි යන සත්ත්ව විශේෂයක් ලෙස හැදින්වෙන මිණිමුතු මෝරාගේ සිරුරක් ත්‍රිකුණාමල වෙල්ලරාව වෙරළතීරයට අද ගොඩ ගසා ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අඩි 29 දිග පළල අඩි 8ක් වන මෙම මිණිමුතු මෝරා කොළඹ වරායට පිටත මුහුදේ ගිණිගෙන මුහුදුබත්වුණු නැවේ බලපෑම නිසා මියගියේ ද යන්න පරික්ෂණ පැවැත්විම සදහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට භාර දුන් බව පරෙවි දුපත ජාතික උද්‍යානයේ බාරකරු උපාලි කුමාරතුංග මහතා කියයි.
ධිවර හා ජලජසම්පත් පනත යටතේ ආරක්ෂිත සත්ත්වයෙකු වන මෙම මිණිමුතු මෝරා වදවි යන සතත්ව විශේෂයකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නැව් ගිනි ගැනිල්ලත් හරියට අර... ආයුධ පෙන්නන්න එක්කන් යන සැකකරුවන් වගේ වෙලා...
ඇයි මොනවා බලන්නද? ඔහොම සත්තු මැරුණද මුහුදෙ ඉස්සර?
පව්, අහිංසක සත්තු, අර දේශීය ගණනෙන් එකෙක්වත් ඔය නැව ගිනිගත්තු හරියේ මුහුදේ නාන්න යන්නේ නැතිද?