(ඩයනා උදයංගනී)
විදුලිබල මණ්ඩලයේ පාඩුව ජනතාව මතම පැටවීම වෙනුවට, එහි විගණනයක් සිදුකර දූෂණය හා නාස්තිය නවැත්වීමට පියවර ගත යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
මේ අවස්ථාවේ ජනතාවට පමණක් පටි තද කරගැනීමට නොකියා රාජ්‍ය නිලධාරීන්ද දූෂණය, නාස්තිය නවත්වා පටි තද කරගත යුතු බව කී මන්ත්‍රීවරයා තමන් ආණ්ඩුවට සහය දුන්නත් ආණ්ඩුවේ සෑම ක්‍රියාමාර්ගයක්ම අනුමත නොකරන බව සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
විදුලිබල මණ්ඩලයේ සේවකයන් 27,000ක් සිටියදීත්, එහි බොහෝ කටයුතු සිදුවන්නේ බාහිර පාර්ශව යොදවාගෙන බවත්, මණ්ඩලයේ වාහන තිබියදී පිටින් වාහන පවා ලබාගෙන ඇති බවත් කී දුමින්ද දිසානායක මහතා, විගණනයක් කළහොත් එහි සිදුවන නාස්තිය බලාගැනීමට හැකිවනු ඇතැයි ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාට ඇහැරෙන කොට අපිට වැඩේ දීලා ඉවරයි මල්ලි. ඔයාගේ ඡන්ද ටිකටත් කෙළ වෙලා ඇති මේකෙන්... ඔයත් අපි වගේ බිල් ගෙවන්න ලෑස්ති වෙලා ඉන්න...
ඕවා කරන්නේ නෑ. විදුලි මාෆියාව ඊළඟට කරන්නේ නොරොච්චෝලේ කොට උඩ යවන එක... එතකොට පුද්ගලික අංශයෙන් කොමිස් සහිතව විදුලිය මිලදී ගන්න පුළුවන්... බිල වැඩි කරපු නිසා දැන් මණ්ඩලේට ආදායම සරුනේ...
ඇමැති ධුරයක් නොලැබුණොත් තමයි මෙයා වගේ දේශපාලකයින්ට ජනතාව ගැන අනුකම්පාවක් ඇතිවෙන්නේ. පහුගිය මෛත්‍රී ආණ්ඩුවේ මෙයා සබීතා ගොඩනැගිල්ල බද්දට දීලා, රටට සිදුකළ පාඩුව අපිට නම්, අමතක වෙන්නේම නැහැ. ඩීල් දාසගේත්, සුසිල් ප්‍රේම ජයන්තගේත් කට වැහුවේ නැද්ද ඇමැතිකම් දීලා. එදා ඔවුනුත් ඇමැතිකම් නැති වෙලාවේ අද මෙයා වගේ ආණ්ඩුව විවේචනය කළා...
විදුලි බල මණ්ඩලය කියන්නේ දූෂිත ආයතනයක්. ජනතාව මත බර පටවන්නේ නැතුව කෝටි ගණන් පොලු තියපු දූෂිත දේශපාලුවන් ඉන්නේ... ඔවුන්ගෙන් අයකර ගන්න එකනේ ඇත්තේ...!
ගමේ ගොඩේ කතාවක් තියෙනවා. එක්කෙනෙක් නිරුවතින් එනවා දැකලා දැකපු කෙනා තමන්ගේ සරම උස්සලා මුහුණ වහගෙන තියෙනවා... ලැජ්ජාවට... ඒවගේ මෙයත් නිලධාරීන්ගේ නාස්තිය, දූෂණය ගැන කියනවා. යහපාලනය කාලේ කෘෂි ඇමැති වෙලා ඉන්නකොට සබීතා මන්දිරයට කෝටි දෙකහමාරක් කුලිය ගෙව්වා... අමාත්‍යාංශ ගොඩනැගිල්ලට...
යහපාලන ආණ්ඩුව කාලේ, ඔයාගේ කෙරුවාවත් අපි දැක්කා. වැදී බණ නොකිය ඉන්න හලෝ...
අනේ යන්න.. සබීතගේ ගොඩනැගිල්ල කෝටි ගාණකට කුලියට අරගෙන නිකන් වහගෙන හිටියේ... රජකාලේ දඬුවම් දෙන්න ඕනෑ. මහජන දේපළ මහා පරිමාණයෙන් අවභාවිතා කළ අයනේ...