
(රංජිත් රාජපක්ෂ)
රු.කෝටි 50ක වටිනා බව පවසා බලපත්‍රයක් නොමැතිව මැණික් ගලක් අලෙවි කිරිමට පැමිණි කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරයකු ඇතුලු තිදෙනකු නුවරඑලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
එම මැණික් ගල මිලදී ගන්නා අයට වාසනාව උදාවන බව පවසමින් සැකකරුවන් තිදෙනා මෙම මැණික් ගල විකීණිමට සූදානම් වී ඇතැයි පොලිස කියයි.
නුවරඑලිය ලබුකැලේ ප්‍රදේශයට පැමිණ නවාතැන්පොළක රැදී සිටින බවට නුවරඑලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින්ට ලද තොරතුරක් මත උපාය දුතයකු යොදා ගනිමින් මැණික් ගල මිලදි ගැනීමට සැකකරුවන් හා ගණුදෙනු කතා කිරිමේදි රු.කෝටි 50කට අලෙවි කරන බව පැවසූ මැණික් ගල කේවල් කිරිම හමුවේ රුපියල් ලක්ෂ 10ක මුදලකට ලබා දීමට සැකකරුවන් එකග වී ඇත.
මඩවල සහ වත්තේගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40-50 වන වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුවන් සන්තකයේ තිබි පොලිස් භාරයට ගත් මැණික් ගල ව්‍යාජ එකක්ද නැතිනම් හොද වර්ගයේ මැණික් ගලක්ද යන බව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් වාර්ථාවක් ලබා ගැනීමටද නුවරඑලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් පියවර ගෙන ඇත.
මැණික් ගල් විකිණීම සදහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් නිසි අවසර පත්‍රයක් ලබා ගත යුතු අතර, සැකකරුවන් සතුව නොතිබූ නිසා සැකකරුවන් තිදෙනා නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කරන බවයි නුවරඑලිය පොලිසියේ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් කියා සිටියේය.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැණිකක් හොරාට විකුණන්න ගිය සජබ ප්‍රා.මන්ත්‍රී මාට්ටු
Neel Friday, 08 August 2025 02:52 PM
කෝටි 50 ලක්ෂ 10 ට අඩු කරපු එක කරපු මෝඩ වැඩක්. අඩුම තරමේ පක්ෂ නායකයන්ගේන් අහන්න ඕනෑ. Dr හර්ෂගේන්වත්, අපරාදේ දැන් මැණිකක් නැහැ, සල්ලිත් නැහැ නේද..?
රනේ Friday, 08 August 2025 05:05 PM
පුදුමයි. ඔවුන්ට පලපුරුද්ද මදි වගේ...
Sarathchandra Saturday, 09 August 2025 06:13 AM
මැණික් විකුණන්න අධිකාරියේ බලපත්‍ර අවශ්‍ය නම් බොහෝ ප්‍රදේශවල මාර්ග හරස් කරගෙන (නිවිතිගල... හැරනියාවක රත්නපුර අඹගහයට හා ඔරලෝසු කණුව අසල ඇහැලියගොඩ) ටෝච් අල්ලමින් සිටින දහස් ගණනක් පිරිස එහෙම බලපත් ලාභීන්ද කියන්න.