(ඉන්දිකා රාමනායක,ෂේන් සෙනෙවිරත්න සහ චමිල් රූපසිංහ)

මහනුවර ගුරුදෙනිය මාර්ගයේ  ගමන් ගත් මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඉලුක්මෝදර ප්‍රදේශයෙන් මහවැලි ගඟට වැටී ඇතැයි පොලිසිය පවසයි .

අනතුර සිදුවන අවස්ථාවේ දී මෝටර් රථයේ පුද්ගලයන් තිදෙනෙකු ගමන් ගෙන ඇති අතර එක් පුද්ගලයකු මෝටර් රථය ද සමඟ අතුරුදන්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

රථයේ ගමන්ගත් ගමන් ගත් දෙදෙනෙකු බේරී දැනට මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

අතුරුදන් වූ පුද්ගලයා සහ මෝටර් රථය සෙවීම සඳහා පොලිස් ජීවිතාරක්ෂක හා නාවික හමුදාව එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇත.

.