
(ප්‍රදීප් කුමාර)
කිලිනොච්චිය මුහමාලේ පොන්දර් කුඩියිරිප්පු හි තිබී මෝටාර් උණ්ඩ තොගයක් ආරක්ෂක අංශ විසින් සොයා ගත් බව පලෙයි පොලිසිය සදහන් කරයි.
පලෙයි පොලිස් වසමට අයත් පුද්ගලික ඉඩමක් තුල එහි හිමිකරු වගා කටයුතු සදහා බිම් සකස් කරමින් සිටියදී මෙසේ අදාළ මෝටාර් බෝම්බ තොගය හමුව තිබේ.
පසුව ඒ පිළිබද ආරක්ෂක අංශ දැනුවත් කිරීමෙන් අනතුරුව කිලිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණ නියෝග මත ආදාළ ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් සිදු කල පාරික්ෂා කිරීම් වලදී පුපුරා නොගිය මෝටාර් බෝම්බ 40 ක් සොයා ගැනීමට හැකිව තිබේ.
ඒ අනුව පොලිස් විශේෂ කාර්යය බලකාය අදාළ බෝම්බ ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ දුන්න සල්ලිවලින් ගත්ත ඒව කීයක් තියෙනවද ඔතන.....
නමේ හැටියට දැක්ම කවු සී