IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මට්ටක්කුලියේ ඝාතනයක්

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් මට්ටක්කුලිය කැළණි ගඟ මෝල පාරෙදි තියුණු ආයුධවලින් පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි මට්ටක්කුලිය පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මට්ටක්කුලිය කැළණි ගඟ මෝල පාර පදිංචිව සිටි මොහොමඩ් සුදුර් මොහොමඩ් ඉර්ෆාඩ් 39 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී  පහරදීම සිදුකර සැකකරුවන් පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.

බරපතල තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට මේ වන වනවිට අනාවරණය වී ඇති අතර ඝාතනය සඳහා පැමිණි පුද්ගලයන් ද හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. මට්ටක්කුලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (1)

මට්ටක්කුලියේ ඝාතනයක්

Perakum Friday, 31 March 2023 12:37 PM

ලංකාව නුදුරු අනාගතයේදීම අපරාධ අතින් එල් සැල්වදෝරය වෙනිසුවෙලාව කොලොම්බියාව පරදවා මුල් තැන ගන්නවා නිසැකයි. ඊට හේතුව අපේ අමන දේශපාලුවන්ගේ නොමනා ක්‍රියාකාරකම් බව ඉතා පැහැදිලිය. රටේ විනය පවත්වා ගැනීම ඔවුන්ගේ වගකීම වුවත් එය එසේ සිදු නොවෙි.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 440 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1034 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site