
(අංජුල මහික වීරරත්න)
කතරගම මැණික් ගඟ අසබඩ ගොඩනැගිල්ල තමාට අයත් දේපළක් නොවන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පවසන්නේ සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කියයි.
කතරගම මැණික් ගඟ අසබඩ අන් අයෙකු විසින් ඉදි කර ඇති ගොඩනැගිල්ලක් මා හට අයත් යැයි වරදවා සඳහන් කරනු ලබන පුවතක් කලින් කල ජනමාධ්‍යයේ පළ වෙනු නිරීක්ෂණය වී තිබේ.
2025 ඔක්තෝබර් 13 වැනි සඳුදා ද (ඊයේ) ඇතැම් රූපවාහිනී නාලිකා ඔස්සේ පළ වූ පුවතකින් එකී ගොඩනැගිල්ල පිළිබඳව සඳහන් කිරීමේදී මාගේ නම ද නැවතත් සඳහන් කර තිබේ.
එකී ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව පසුගිය වකවානුවේ සී.අයි.ඩී පරීක්ෂණයක් පැවැත්වුණි.
එම පරීක්ෂණයට අදාළ ව මම ද ප්‍රකාශයක් ලබා දුන්නෙමි. ඒ පිළිබඳව මාගෙන් විමසීමට හේතුව වී ඇත්තේ එම ගොඩනැගිල්ලට විදුලි සම්බන්ධතාවය ලබා ගැනීම සඳහා "ජී.රාජපක්ෂ" යන අයෙකුගේ නමින් ඉදිරිපත් කර තිබූ අයදුම්පතක් පමණී. එම අයදුම්පතේ හරි ආකාර අත්සනක් ද යොදා නොතිබුණි. අත්සන තිබිය යුතු තැන වූයේ අපැහැදිලි කුරුටු ගෑමකි.
මෙම වැරදි පුවත විටින් විට මතු වෙන හෙයින් ද සැමගේ දැන ගැනීම පිණිස ද, කතරගම මැණික් ගඟ අසබඩ එකී ගොඩනැගිල්ල මා හට අයත් දේපළක් නොවන බව තරයේ ප්‍රකාශ කරමි. කතරගම ප්‍රදේශයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදි කිරීමට හෝ පවත්වා ගෙන යෑමට හෝ මා හට කිසිදාක කිසිදු හේතුවක් හෝ උවමනාවක් හෝ තිබී නැති බව ද කිව යුතුය" යනුවෙන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි වතුර බිලක් කව්දෝ මගේ නමට එවලා...
වැඩ නැති ඒත් මඩ වලින්ම ජීවත්වෙන මාලිමා ආණ්ඩුව...
ඔයාගේ නමින් වෙන කෙනෙක් අරගෙන කියලද කියන්නේ. එහෙම බලාගෙන යනවිට අර බෙරගලට නැගෙනහිර දිසාවෙන් තිබෙන, කදුමුදුනක තිබෙන හෝටලයත් ඔයාගේ නොවේ වෙන්න ඇති..
මට හිල් වෙච්ච ජො....ත් නෑ.
කතරගම පිහිටි මෙම නිවස ගොටබය රාජපක්ෂ මහතාගේ නොවේනම් එම නිවාස ගොඩනැගු සහ ඉඩම් හිමි කරුවන් සොයාගැනීම පොලිසියේ කාර්යයකි. කතරගම මැණික් ගග අසල ගොඩනගා ඇති මෙම නිවාස කතරගම දෙවියනට අයත් නොවන බවනම් කිව හැකිය
ඉතිං අපහාසයට වන්දි ඉල්ලලා නඩුවක් දාන්නකෝ සුදු මහත්තයෝ.
අපි දන්නවා. උඹලට මොනවත් නෑ. අර මැණික් මලු වගේ උඩින් වැටුණු ඒවා තියෙන්නේ. දෙනියාය පැත්තටත් ගෙයක් වැටිලා තිබුණා.
ඔහොම හූටපටයක් — ඔහුගේ සහෝදරයටත් (කපුටු කාක්, බැසිල් මල්ලිටත්) උනාලු කාලෙකට ඉස්සර …
එතන තියෙන නිවස ඥානා අක්කට අරන් දුන්න එක. රට කොරන්න. උදව් දුන්න නිසා.
ඔහු අදහස් කළේ කුමක්ද යන්න ඉතා පැහැදිලිය.
හරි බන් හරි.. මැණික් ගඟ ලඟ ගෙදර ඔයාගේ නෙමේ. මල්වානේ ගෙදර බැසිල්ගේත් නෙමේ. ලසන්තත් මැරුණේ තමුන්ටම උලකින් ඇනගෙන. තාජුදීන් මැරුණේ අනතුරකින්.
එතකොට යෝෂි බබා ගේ ආරක්ෂකයෝ ගේ මුරකරන්න දැම්මේ කවුද ? ඔය ගොල්ලොන්ටත් වඩා බලගතු අය ඒ කාලේ ලනක්වේ හිටියද ? ඕක අයිති වෙන G රාජපක්ෂ කෙනෙක් නම් මෙලහට ඔය ගේ වෙනුවෙන් ඉදිරිවත් වෙලා නිවසේ වගකීම බාරගෙන
ජෙප්පෝ ඔය වගේ බොරූ කීයක් නම් කිව්වාද?
එතකොට ඇරේ වතුර බිලේ තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ කියල?.
ඒ උනාට ඒ ගෙදරට විදුලි බිල එන්නේ උඹේ නමින්. එතකොට උඹ දන්නෙ නැති එවුන්ගේ ගෙවල් වලට උඹේ නමින් විදුලිය අරං දීලා ඒවායේ බිල ගෙවනවද???
මගෙ මල්ලිට මල්වානෙ ගෙයකුත් නැහැ. දෙයියනේ ඇයි අපිට මේ හැටි වද දෙන්නෙ
නූගත් ජෙප්පෝ එදා ඉදලා කළේ මඩගැසීම විතරයි...
මොළහතත් ඔහොම තමා කිව්වේ, දුශිත දේසපාලුවෝ කවද්ද ඇත්තක් කිව්වේ, ජී නන්දසේන කියන නමින් තමුන් අලියෙකුත් තියාගෙන උන්නා. නාගරික සන්වර්දන ඇමතිකාලේ කරපුවා දන්නෝ හොන්දාකාරවම දන්නවා.
රාජපක්ෂ කල්ලිය තමයි හොදටම කෙරුවේ, දැන් හැමතැනම නඩු...