(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මහා ලෝක ව්‍යසනයක් තිබියදී වත්මන් රජය ලොව කිසිම දේශපාලන නායකයකුට කළ නොහැකි පිරිමැසුම්දායක ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"බදු මඟින් පමණක් භාණ්ඩ මිල අඩු කරන්නට බැහැ. විනිමය අනුපාතය ඉහළ යමින් තිබෙනවා. ඒ තත්ත්වය යටතේ කාගේ ආණ්ඩුව තිබුණත් බඩු මිල වැඩි වෙනවා. එමෙන්ම නිෂ්පාදන වියදම් ඉහළ ගොස් තිබෙනවා යනුවෙන් ද වෙළෙඳ අමාත්‍යවරයා පැවසීය.
රේගු ආඥා පනතේ දහ වන වගන්තිය යටතේ ආනයන තීරු බදු සම්බන්ධ වන යෝජනාවක්, ආනයන හා අපනයන පනත යටතේ රෙගුලාසි දෙකක් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක් පිළිබඳ විවාදය අරඹමින් වෙළෙඳ අමාත්‍යවරයා මෙි බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේද කියන්නේ? බන්දුල මලයත් දැන් දැන් හරි විහිළුකාරයා වෙලානේ. "හරිම නරකයි මෙයා"... අපට නිකන්වත් කිව්වේ නැහැනේ බන්දුල මලයා... මම විහිළු ඉගෙන ගන්න පන්තියකට යනවා කියලා.. රෑ ඉස්කෝලයක්වත්ද අයියේ..?
මේ ආණ්ඩුවේ ඉන්න ජනාධිපති මැති ඇමැතිවරුන්ට මොනවා වෙලාද? නැතතම් දෙයියො කෝප වෙලාද ?
අපි තමයි හොඳටම කරලා තියෙන්නේ... ජනතාවට ඒක තේරෙන්නේ නැහැ.
බදු මගින් භාණ්ඩ මිල අඩු කළ නොහැකි බැවින් එම බදු සහනය ජාවාරම් කාරයෙකුට දුන්නා. එහෙම නේද ඇමතිතුමෝ?
ඔබතුමා දන්නවද? ඒකට හේතුව රටේ නැතිබැරි මිනිසුන් දවසට එකවේලක් කාලා ජීවත්වෙන බව...
ඇමෙරිකාව, යුරෝපය වැටෙනකොට අපි බඩගානවා..
කෝ මෙයාගේ ආර්ථික පර්යේෂණ ඒකකය. අනේ ඒක යළිත් පිහිටුවන්න.. ඔබතුමාට පින්.
ඔව්, ඔව් පිටකොන්දක් නැති ජනතාවක් ඉන්න රටත් මේක තමයි.
ඇමැතිතුමා කොහොමටත් විහිලු කාරයානේ, ඔය වගේ පවුලේ හතර වරිගයම ඉන්න අය එකතු වෙලා කරවන රජයක් ලොවෙත් නැහැ.
සර්... ඩබල් පී.එච්.ඩී. පාස්නේ.. කන්න නැති වුණත් කමක් නැහැ. ඉන්න හිටින්න රටක් තියෙනවනේ...
ඔව් ඔව්.. ලොවෙත් නැහැ... ලොවි ගහෙත් නැහැ.
බන්දුල කියන්නේ තමන්ගේ වාසියට කරුණු හොයාගෙන හැරෙන ඕනැම පැත්තකට පක්ෂව කතාකරන කෙනෙක් බව නම් දන්නවා.
බොරළුගොඩ වඳුරාට ජලභීතිකාව හැදිලාද කොහේද?
අලි බබා සහ හොරු හතළිහෙන් කෙනෙක් කියන සුරංගනා කතා කොහොම විශ්වාස කරන්නද?