(ඉන්දිකා රාමනායක)
බන්ධනාගාරයේ සිටින රැඳවියන් බැලීම සඳහා පැමිණෙන ඔවුන්ගේ ඥාතීන් මුළා කරමින් ව්‍යාජ හේතු ඉදිරිපත් කර මුදල් ඉල්ලා හිරිහැර කරන යාචකයින් තිදෙනෙකු මත්කුඩු සමඟ අද (15) මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට දී අත්අඩංගුවට ගත්බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම සැකකරුවන් බන්ධනාගාරය අසල රැදී සිටිමින්, බන්ධනාගාරයේ සිට නිදහස්ව පැමිණි බවත් නිවස් බලා යාමට මුදල් නොමැති බවත් ඇතුලු විවිධ රෝග පීඩා කියමින් රැඳවියන්ගේ ඥාතීන්ට හිරහැර වන සේ මුදල් ඉල්ලා සිටින බවත් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රවෘත්ති පළවූ බවත් එම ඒකකයේ නිලධාරියෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු මත විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් අද දහවල් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම සැකකරුවන් අධික ලෙස මත්කුඩු වලට ඇබ්බැහි වූ පිරිස් බවත් මත්කුඩු පානය කිරීමට මුදල් සොයා ගැනීම සඳහා මෙම සැකකරුවන් ව්‍යාජ හේතු මත මුදල් ඉල්ලා සිටින බවත් විශේෂ කාර්ය බලකාය කියයි.
මෙම සැකකරුවන් තිදෙනා දෙමටගොඩ සහ බොරැල්ලේ පදිංචිකරුවන් බවත්, එක් සැකකරුවකු සතුව පිළිකා රෝගයෙන් මියගිය පුද්ගලයකුගේ රෝගී ලේඛන තිබී හමුවී තිබේ.
එම සැකකරු පිළිකා රෝගියකු වශයෙන් ඔහු හඳුන්වා දෙමින් මුදල් ඉල්ලා ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලිසියට ඉදිරිපත් කර ඇත.
විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ වැටලීම් ඒකකය මෙම වැටලීම කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියගේ උත්සාහයට අපගේ බලවත් ප්‍රණාමය ! ඔබ වැනි කොන්ද පන තියන කාන්තාවන් රටට සම්පතක්.
මෙම සිදුවීම ලොවට හෙලි කලේ ලයිව් වීඩියෝවක් හරහා මමයි...