විනීතා එම් ගමගේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් තනතුර මේ අවස්ථාවේ බාරගෙන කටයුතු කිරීම දැලි පිහියෙන් කිරි කනවා වැනි අභියෝගාත්මක කටයුත්තක් යැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.
මේ කාල වකවානුව ශ්‍රීලනිපයට සුබදායි කාලයක් නොවන බවත් පොදුජන පෙරමුණේ ආගමනයත් සමඟ පක්ෂය දෙකඩ වී ඇති බවත් කී මන්ත‍්‍රීවරයා පක්ෂයේ අභ්‍යන්තර ගැටුම් ද පවතින බැවින් විරුද්ධවාදීන් ඔවුන්ගේ වාසියට පාවිච්චි කළ නොහැකි පරිදි කටයුතු කිරීමට මහ ලේකම්වරයාට විශාල කැප කිරීමකින් හා සංයමයකින් කටයුතු කරන්නට සිදු වන බව ද සඳහන් කළේය.
නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ අදහස් පළ කළේ ශ්‍රීලනිප නව මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතාගේ වැඩ බාර ගැනීමෙන් පසුව පක්ෂ මුලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ ද සිල්වා මහතා මෙසේ ද පැවසීය.
‘‘නව මහ ලේකම්වරයාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය ශක්තිය ලැබෙන බව විශ්වාසයි. එය පහසු කටයුත්තක් නොවෙයි. මේ තනතුරේ කටයුතු සඳහා සංයමය අවශ්‍යයි. සංයමයක් නැතිව කටයුතු කිරිම නිසා පක්ෂයත්, ජනාධිපතිතුමාත්, පසුගිය කාලයේ අසීතරුතාවන්ට පත්වූ බව කිව යුතුයි. දුරදිග බලා වැඩකරන්න අවශ්‍යයි. ඒ වගේම පෞද්ගලික න්‍යාය පත‍්‍ර පසෙක තබා වැඩ කිරීමත් අවශ්‍යයි.
මුලික තීන්දු ගැනීමේදී වාමවාදී පක්ෂයක් ලෙස ජනතාවාදී විය යුතුයි. ජනතා තීන්දුව තීරණය වැදියි කියා කිසිදු අවස්ථාවක කියන්න බැහැ. දේශපාලකයා හා පක්ෂ හසුරුවන්නේ ජනතාවයි. ජනතාව හරි යැයි සිතනදේ අප කි‍්‍රයාත්මක කළ යුතුයි. ඒ වගේම ජනතා මතයේ වරදක් ඇත්නම් හරි පීල්ලට ගන්නා අතරම ඔවුන්ගේ මතයට හිස නමන්නත් දේශපාලඥයන්ට සිදුවෙනවා.
දැනට පවතින මතය එක්සත් ජාතික පක්ෂ්‍ය පරාජය කළ යුතු බවයි. අපි එළියට ආවෙත් ඒ නිසයි. දැන් ලොකු බලයක් හැදෙයි කිය කියා බලා ඉඳලා වැඩක් නැහැ. වැඩ කළ යුතුයි. හැමදාම දිනුවේ සමගිවෙලා වැඩ කළ අවස්ථාවලයි. එක රැයින් සියල්ල සිදුවෙන්නේ නැහැ.
මේ වර්ෂය මැතිවරණ වර්ෂයක්. එක්සත් ජාතික පක්ෂය නම් පස්ස ගහනවා. එත් අපි මැතිවරණය ලබා ගන්න ඕනෑ. ජනාධිපතිවරණය ලබන 8 වැනි දාට පෙර පැවැත්විය යුතුමයි. ඒ කියන්නේ ලබන ඔක්තෝබර් වෙද්දී සුදානම් විය යුතුයි.
ඡායාරූප - ඉෂාන් සංජිව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයා හා පක්ෂය හසුරවන්නේ ජනතාවයි කීම මොන බොරු කතාවක්ද? එහෙනම් ජනතාවට 18 ඔක්තෝබර් මස ඉල්ලු මහජන ඡන්දය ලැබිය යුතුය, ජනතාව යැවූ චන්ද පාක්ෂකයින් ගෙදර යායුතුය. ඔයදෙකම සිදු උනේ නැහැනේ.
පක්ෂය දෙකඩ උනේ එජාපෙට මුක්කු ගහන්න යාම නිසා. කිසිදිනක එජාප ප්‍රතිපත්ති සමග ශ්‍රී ලංකා ප්‍රතිපත්ති පෑහෙන්නේ නැත. ඒ නිසානේ බණ්ඩාරනායක මහතා එජාපෙ කඩා ගෙන අයින් උනේ.