
(නිමල කොඩිතුවක්කු)
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට අදාලව එළැඹෙන 15 වැනි දින කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු - පාකිස්තාන ක්‍රිකට් තරගය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට ඉන්දියා සහ පාකිස්ථාන කණ්ඩායම්වල සහභාගීත්වයන් සම්බන්ධව රජය පසුගිය කාලසීමාව තුළ මැදිහත් වූ බවත් සිය තීරණය වෙනස් කර තරඟාවලියට සහභාගිවීම ගැන පකිස්ථාන කණ්ඩායමට ස්තූතිවන්ත වන බවත් අමාත්‍යවරයා සඳහන් කලේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් කළ විමසීමේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd