(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට අපොහොසත් වීම පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවීම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ ඉහත ක්‍රියාකලාපය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩ වීමෙි සිද්ධි සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ යුතු බවද අදාළ යෝජනාවේ සඳහන් වේ.
මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳව කරුණු විමර්ශනය කර සුදුසු නේද නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සනින් යුතුව කතානායකවරයාගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව ඉහත යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් තව එක් දවසක් බලයේ තියාගන්න වටින්නේ නැහැ. තවම කුමන්ත්‍රණය කරනවා, ගේම් ගහනවා බලය රැකගන්න... එක පැත්තකින් මේකට එරෙහිව යෝජනා ගෙනාවා. අනික් පැත්තෙන් ජනකගේ කාර්යාලය සීල් තියලා.
ඔය විදිහට බලපෑම් කරන්නේ නම් ස්වාධීන කොමිසමකින් ඇති ඵලය කුමක්ද?
අපි අහල තියෙනවා මැතිවරණයක් ප්‍රකාශයට පත් කල පසු, සියලු රාජ්‍ය යාන්ත්‍රණයම මැතිවරණ කොමිසන් සභාවේ උපදෙස් වලට අවනත වියයුතුයි කියලා. මැතිවරණය පවතින වෙලාවේ මැතිවරණ රාජකාරි කරන නිලධාරින් පවා කියන උපදෙස් වලට පොලිසිය වැනි ආයතන අවනත වෙනවා. මැතිවරණයට බාධා වන රජයේ සේවකයෙකුට විරුද්ධව විනයානුකුල පියවරත් ගත හැකියි කියලා. මුදල් අමාත්‍යංශයේ ලේකම් පවා එම කටයුත්තට සහයෝගය දියයුතුයි. මුද්‍රනාලයාධිපති, පොලිස්පති පවා ඒවා පිලිපැදිය යුතුයි. ඉතින් තම බලය යොදා මෙම කටයුත්ත නොකර ඉන්න මැතිවරණ කොමිසම ස්වාධීනද කියන එක ප්‍රශ්නාර්ථයක්. හිටපු මැතිවරණ කොමිසම නම් ඔය කටයුත්ත හරියට කරපු බව රටම දන්නවා.
මැතිවරණ කොමිසම ස්වාධීන ආයතනයකි. එයට බලපෑම් කිරීමට පාර්ලිමේන්තුවට නොහැකිය.