
(සුජිත් හේවාජුලිගේ)
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට යන වියදම පසුව දෙන බවට මැතිවරණ කොමිෂන් සභාව දුන් ලිඛිත පොරොන්දුව අනුව තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තමා සූදානම් බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.
එහෙත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පොලිස් ආරක්ෂාව නොදීම නිසා ඒ කටයුතු කරගෙන යාමට නොහැකිව ඇතැයිද ඇය ප්‍රකාශ කළාය.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පොලිස් ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිවරයා ඇතුළු අදාළ අංශවලට ලිපි හතරක් දැනටමත් යොමුකර ඇතැයිද ඇය සඳහන් කළාය.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පොලිස් නිලධාරීන් හැට පස් දෙනෙකු අවශ්‍ය බවද ලියනගේ මහත්මිය කීවාය.
මේ අතර ඡන්ද පත්‍රිකා මෙතෙක් පොලිස් ආරක්ෂාව නැතිව මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සේවකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවී ඇති හෙයින් එම ඡන්ද පත්‍රිකා නැවත ගණනය කර සහතික කිරීමට සිදුව ඇතැයි මුද්‍රණාලාධිපතිනිය වැඩිදුරටත් පැවසුවාය.
දිස්ත්‍රික්ක 12ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇතැයි රජයේ මුද්‍රණාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමාරුම නම් අපිට PDF කරල එවන්න අපිම කොපියක් ගහගෙන ඇවිල්ල පෙට්ටියට දාන්නම්. .
රජයෙ මුද්‍රනාලය දැන් මෙ කාන්තාවගෙ පුද්ගක කම්පනියක් බවට පත්ව තිබෙද ?
අල්ලන්න ලෑස්තිද?
ඉදිරියට පවත්වන මැතිවරණ වලට අවශ්‍ය මුදල් සඳහා ගිණුමක් ආරම්භ කරන්න.. දෙස් විදෙස්වල ජීවත්වන ශ්‍රී ලාංකික පුරවැසියන් වන අපි පුළුවන් විදිහට මුදල් පර්ත්‍යාග කරන්නම්... අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මුදල්වලට වඩා වටිනවා.
මගේ නමම තියන ඔයා නං මාරයි අනේ...
රටම කාපු හොර රංචුව ආරක්ෂා කරන්න කි දාහක් පොලිස් කාරයින් දාලා ඉන්නවද? නමුත් රටටම බලපාන ඡන්දය තියන්න අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ආරක්ෂා කරන්න පොලිස් කාරයින් 3 දෙනයි? ඡන්ද පත්‍රිකා උස්සන්න "ප්‍රසන්න"ට කොන්ත්‍රාත් එකක් ලැබිලද? ඔය තරු, පටි, අරවා මේවා ගහලා තියෙන ඇඳුම් ගලවලා දාලා සුදුසු ඇඳුමක් ඇඳගන්න. මේ සමග " පාට පාට මල් ගවුමක් " ඒවා ඇත. එය කදිමට ගැලපෙනවා. ඔබ දන්නවද ශ්‍රී ලංකා පොලිසියේ පහළ වූ දුර්වලම, දේශපාලකයින් කියන හිඟන්නන්ට බැල මෙහෙවරකම් කරන බව? ලැජ්ජයි...!
මුදල් හරි ගියාට පස්සේ පොලීසිය නැතිලු... පොලිස් නිලධාරීන් 60 යවන්න බැරිද? අද ලෝකයා ඉදිරියේ රටම විහිළුවට පත්වෙලා.. මොන්ටිසෝරි ළමයෙකුට වුණත් තේරෙනවා... පාලකයින්ගේ බලතණ්හාවක තරම...!
ඔතැන පාලනය කරන්නේ සේවකයෝද, ඔබතුමියද?
මුදල් ලැබුණාම පොලිසිය නැතිලු... පොලිසිය දුන්නාම කියයි ප්‍රවාහනයට ලොරි නැහැ කියලා.., ලොරි දුන්නාම කියාවි ඉන්ධන නැහැ කියලා... අනේ රනිල් රාජපක්ෂ.. ඔබ හිතන්නේ අපි බයියන් කියලද? ඡන්දෙ නොතිබ්බොත් අපි එනවා කොළඹට දෙකෙන් එකක් බේරගන්න...
දිනපු ඔක්කෝම ආවේ ජනතාවාදී කියාගෙන තමයි. හැබැයි ආවාම අවස්ථාවාදී...
චන්ඩ පත්‍රිකා මුද්‍රරනය කරපු නිසා ,පලත්පලන චන්දෙ වහාම පවත්වන්න , පලාත්සභා , ජනාදිපතිවරන, මහ මතිවරණ ඔක්කොම එකතුකරල මෙ අවුරුද්ද අවසානෙ එකම දිනක තියන්න , එවිට මුදල් ඉතුරුවෙනව , ඒ්ව කරන්න මුදල් නොමති නම් විශේෂ ගිනුමක් අරම්භ කරල ප්‍රසිද කරන්න , අපි මුදල් එවන්නම් එවිට ජනතාව කැමති කෙනෙක් පත්කරගනිවි , ඉට පස්සෙ මෙ අවුල් සියල්ල විසදිල , වර්ජන උද්ගෝශන නැවතිල රට ඉදිරියටයාවි
කාලකණ්නි හොර දේශපාලුවන් ආරක්ෂාවට දාලා ඉන්න අය, ඒවායින් ඉවත් කර මේ සඳහා යොදවන්න. දේශපාලුවන් මෙන්ම උසස් නිලධාරීන් කියා ගන්නා, අයගෙන් වැඩි දෙනෙක් හොරු.... ඔවුන් මේ මජර ක්‍රමයෙන් මිදෙන්න කැමැති නැහැ. මොකද ඔවුන්ට දඬුවම් විඳින්න වන බව ඔවුන් දන්නවා. ඒ නිසයි ඔය එක එක ප්‍රශ්න...!
දැන් ගණන් කරලා වැඩක් නැහැ. කළින් ආරක්ෂාව නැතිව ගහපු ඡන්ද පත්‍රිකා යන්න ඕනෑ තැන්වලට ගිහින් ඇති... ඡන්දෙදි එළියට එයි.. ප්ලෑන් කළේ ඕකටනේ... ?
මේ අවස්ථාවේ මුළු රට මේ එකතු වෙලා ඉන්නේ... සේවකයින් නිකන් කන්කෙඳිරි ගාන්නේ නැහැ. පොලිසිය ඕනෑ තැනට එවන්නේ නැත්තේ... හේතුව ඔලුව තියෙන මිනිස්සුන්ට තේරෙනවා ඡන්ද පත්‍රිකා ගණින්න...
මමත් සූදානම්