
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ තවත් විදෙස් ආධාර ලබාගෙන මේ වසරේදීම ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගැනීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නිසි කලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයෑමෙි වන්දිය දැන් ගෙවමින් සිටින බව කී අග්‍රාමාත්‍යවරයා 2025 වසර වන විට සමතුලිත අයවැයක් හෝ ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් කරා යොමු වීමට හැකි බවට විශ්වාස කරන බවද කීය.
මෙම වසරේදී ස්ථාවරකරණයක් කළද එළඹෙන 2023 වසරේ ගෝලීයව දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය අවම අගයක පවතිනු ඇතැයිද එහෙත් 2024 සිට ඉදිරියට යාමට හැකි තත්ත්වයක් ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
කොළඹ දී වෘත්තිකයන්ගේ සමුළුවකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දා රට බාරදීලා අවුරුදු 70 ගෙවිලා ගියා... ඉන්පසු අපේ බලයට පත්වූ හැම රජයක්ම කලේ සුද්දා ගිය දවසේ ඉඳලා රට උගස් කරලා ණය අරගත්තු එක... අද හැත්තෑ අවුරුදු එකතු වෙච්ච පොළියක් එක්ක රට ගෙනියන්න වෙලා තියෙන්නේ...! හැබැයි පාර්ලිමේන්තුවේ හිටපු හෝ දෑන් ඉන්න මැතිඇමැති කිසිම කෙනෙක්ට පොළියක් ගෙවන්න සිද්ධවෙලා නැහැ..! ඇත්ත... රට දිළිඳු වෙලා..!!. ඒත් පාර්ලිමේන්තුවේ හිටපු හෝ දැන් ඉන්න එක මැතිඇමැති කෙනෙක්වත් දිළිඳු වෙලාද.? ඒක ගෙවන්න වෙලා තියෙන්නේ මතු පරපුරට..! හැබැයි ඔවුනුත් හරිම උදාසීනයි. දෙනකම්ම ලැබෙනකම්ම බලාගෙන ඉන්නවා..! පිටරටක නම් " අත වැඩකළොත් තමයි කට වැඩ කරන්නේේ.."
මහ ලොකුවට ආණ්ඩුව බාර ගත්තේ.. දැන් කියනවා 2025 වෙනකොට හරියයිලු...
මෙයා ජනදිපතිව සුරකින්න බෙල්ල තියල දැන් පොරක් වෙන්න යනව. මුලින්ම විකුනන්න ලිස්ට් එක හැදුව ඊ ලගට ගහන්න පුලුවන් බදු සේරම ගැහුව. . දැන් කිව්ව තුන් වේලක් නොකා දෙවේලක් කන්න පුරුදු වෙන්න කියල.. මෙ මිනිහව එලවන්න කාටවත්ම හිතෙන්නෙ නැද්ද? මෙ රටෙ ඉන්නෙ මෙච්චරටම හිරි වැටිච්ච මිනිස්සුසුද