
(සජිවා කෝට්ටගොඩ)
විශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවිකාවගේ නිවස ඉදිරි පස බෑගයක අසුරා දමා ගොස් තිබූ දිනක් පමණ වයසක බිළිදියක් හමු වී ඇතැයි මහව මූලස්ථාන පොලිසිය කියයි.
මෙසේ දමා ගිය බිළිඳිය 166 කෝන්වැව, ඉපලෝගම , මහව ලිපිනයේ පදිංචි ඉන්ද්‍රාණි අනුලා මහත්මියගේ නිවසේ තිබියදී සොයා ගන්නා ලද බව පොලිසිය සඳහන් කරයි.
බිළිඳිය සොයා ගන්නා විට නිරෝගීව සිටි බවත් වහාම නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බවත් මහව මුලස්ථාන පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.ඒ.පි.ඒ. කුලතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කාන්තාව පොලිස් ඒකකයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂක අපේක්ෂා ඇතුළු කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ශන සිදු කරති.
සිද්ධිය ඇසින් දුටු ඉන්ද්‍රාණි අනුලා මහත්මිය මෙසේ කීවාය.
මම මිදුල අතුගාන්න ඉදලත් අරගෙන ඉස්සරහ පැත්තට ගියා. මම දැක්කා ඉස්සරහා ප්‍රධාන දොර ළඟ තිබෙන පුටුවේ බෑග් එකක් තියෙනවා. බෑග් එක ඇතුලේ මොනවා හරි දඟලනවා වගේ දැක්කා . බෑග් එක වහලා තිබුනේ. ඒත් මම බෑග් එක බලනකොට බෑග් එකෙන් මූණ පෙනුනා. මට බයත් හිතුණා ඒත් දරුවෙක් නිසා බෑග් එකේ සිප් එක දෙපැත්තෙන් ඇරලා බැලපුවහම බෑග් එක ඇතුලේ කිරි දරුවෙක් ඉන්නවා දැක්කා. මට බලාගෙන ඉන්න බැරි හින්ද මං දරුවා අතට ගත්තා. සටහන් පොත දැක්කාම හිතුණා ළඟදි හම්බවෙච්ච දරුවෙක් කියලා . බර අඩු බව පෙනුනා. ඒ වෙලාවේ හිතාගන්න බැරි වුණා. ගෙදර අයටත් අල්ලපු ගෙදර අයටත් කතා කරලා පොලිසියට කිව්වා. කිරි බෝතලේ, කිරි පැකට් එක දරුවගේ ඇඳුම් ඇතුළු දරුවාට අවශ්‍ය සියලු දේවල් බෑග් එකේ තිබුණා.
මම රස්නායක පුර වැඩ කළේ දැන් විශ්‍රාම අරගෙන වසර තුනක් විතර වෙනවා. මම පොලිසියට දැනුම් දුන්නා. පොලිසියෙන් ඇවිත් දරුවාව නිකවැරටිය රෝහලට අරගෙන ගියා. මාසයක් පමණ වයසක් වෙනවා දරුවට. රෝහලින් දීලා තියෙන ළදරු වර්ධන සටහන් පොත බෑග් එකේ තිබුනා.
උපත සිදුවූ රෝහලයි නමයි කියන තැන් දෙකම මකලා දාලා තිබුණා.දැනට දරුවා නිකවැරටිය රෝහලේ ළදරු ඒකකයට ඇතුලත් කරලා තියන බව කීවා යැයි ඉන්ද්‍රාණි අනුලා මහත්මිය පැවසුවාය.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2036
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මේ බිළිඳා කාගෙ දෝ : නර්ස් ගෙදරින් ඇහුලුවෝ