(ඩයනා උදයංගනී)
දෙවිවරුන් ලෙස සලකා ගරු කරන ගුරුවරුන් තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් යොදාගන්නා කිහිපදෙනෙක් වෙනුවෙන් භාවිතා කළ වචනය ගැන තමා තුළ පසුතැවීමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ඒ ගැන තවදුරටත් කතාකිරීමට තමන් කැමති නැතැයි කී ඇමතිවරයා ගුරුවරුන් පොළඹවමින් තම අරමුණු වෙනුවෙන් භාවිතා කරන අය වෙනුවෙන් භාවිතා කළ යුතු වචනයක් තිබෙනවා නම් එය කීමට තමා පසුබට වෙන්නේ නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව විසඳීමේ අවංක අවශ්‍යතාවක් රජයට ඇතත් කොවිඩ් අර්බුදය නිසා ඉතා අපහසු තත්වයක් ඇතිව ඇතැයි ද ඇමතිවරයා කීවේය.
ලෝකයේ බොහෝ රටවල් සහ මෙරට පෞද්ගලික අංශයේ ඇතැම් ආයතන වැටුපෙන් අඩක් පමණක් ගෙවීමට පියවර ගෙන තිබියදීත් රජය රාජ්‍ය සේවකයන්ට සම්පූර්ණ වැටුප් ගෙවන බව කී ඇමතිවරයා මේ වසර අවසානයේ ඉදිරිපත් කරන අයවැයෙන් ගුරුවරුන්ගේ මෙන්ම අනෙකුත් රජයේ සේවක වැටුප් ගැටලු ගැන අවධානය යොමු කරන බව ද කීවේය.
එසේ තිබියදී දේශපාලන වශයෙන් කඩා වැටී ඇති ඇතැම් කණ්ඩායම් මෙයින් පාලමක් හදාගෙන ගොඩවෙන්න උත්සාහ කරන බව ද කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
පෞද්ගලික ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 200ක් ගත් කෙහෙලිය රඹුක්වැල්ල මහතාට ගුරුවරුන්ගෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දුන් ඇමතිවරයා පැවසුවේ තමාට එම ගෙවීම ලැබෙන්නේ රක්ෂණයක් ලෙස බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්, අපේ කෙහෙළිය ඇමැතිතුමා...!!! දැන් රක්ෂණයෙන් ගත්තු මුදල ගෙවලා ඉවරයිද මන්දා...
ඊළඟටත් ජාතික ලැයිස්තුවේම ඉන්න බලන්න. ඇඟට ගුණයි.
අහිංසක ළමයින්ගේ ඉගෙනීම කඩාකප්පල් කරගෙන... ස්ටාලින් ඇතුළු මේ නඩයට මමත් ඒ වචනයම පාවිච්චි කරනවා.
මහත්තයෝ ඒ වචන ගැන දුක් වෙන්න එපා .මොකද ගුරුවරු දැන් කරන්නේ නිකන් කාලේ කන එක තමා .ඒකට කාලකන්නි නොකියා වෙන මොනවා කියන්නද ?
කිව්වොත් කිව්වා. අපිත් දැන් බහුලව ඔවුන්ට පාවිච්චි කරනවා.
මේ තක්කඩි එජාපයේ ඉන්නකොට කරපුවා මතකයිනේ...
දෙවිවරුන් වන් ගුරුවරුන්ගේ ඡන්දෙ ගන්න දුන් පොරොන්දු ඉටුකරන ලෙස ඒ ගුරුවරුන් ඉල්ලනකොට ඒ ගුරුවරුන්ව පේන්නේ කාලකන්නින් වගේ. මොකක්ද මේ රට නොමඟ යවන කිහිපදෙනාගේ කතාවේ තේරුම..? මේ සටනට අදාළ අංශ යොමුවුණේ නිකන්ම නොවෙයි. එදා තමන්ව දිනවාපු රජය අද ඒ මිනිසුන්ට මෙසේ කිරීම සාධාරණ නැහැ. පොරොන්දුවක් වුණා නම් එය ඉෂ්ඨ කරන්නට ඕනෑ. නැතිනම් එය කඩවුණු පොරොන්දුවක් වෙනවා. ඉටුකරන්න බැරි පොරොන්දු දෙන්නට හොඳ නැහැ. දැන් මේ ඩෙල්ටා මැද්දේ කෙරෙනා උද්ඝෝෂණ නිසා තත්ත්වය නරක අතට හැරුණොත්, එහි අවාසිය එන්නෙත්, රජයටමයි. සල්ලි නැහැ කියන කතාව බොරු නම්, ඇතැම් ඇමැතිවරුන් කොහොමද කියන්නේ? සල්ලි ඕනෑතරම් තියෙනවා කියලා. සල්ලි නැති නිසාද, මේ වෙලාවට කිසිසේත් අදාළ නොවන දේට මුදල් වැයකරන්නේ. කෝ අර රට නඟා සිටුවීමට පිටරටින් ලැබුණු මහා මුදල් සම්භාරය...? ඒ ගැන කිසි හැල හොල්මනක් නැහැ. ඒ මුදල් යොදවා රට ගොඩනඟන්න. ඒවා දුන්නේ හංගාගෙන ඉන්නට නොවේ.
කෙහෙළිය නෙමෙයි එන්න තිබ්බේ ,ප්‍රේමදාස .එක්කෙනෙක් ටයර් උඩ .අනික් ඔක්කොම හොදට වැඩ .
එම වචනය ඔබ සැමට ගැලපේ!
කොල්ලෝ, මේ සැරේ නම් සැපගන්න දියවන්නාවට එන්න ලැබෙන්නේ නැහැ. ඒක ශුවර්. ඒත් කෙළපු කෝටි ගණන් සල්ලි වලින් ජීවිතේ ගෙනියන්න පුළුවන් වුණත්, සමාජය ඔහේ දිහා බලන්නේ...
ඔබ එදා කියූ ඒ වචනය නිවැරදි බව දැන් දැන් ඔවුන් විසින්ම අපහට වටහා දෙමින් සිටී.
මොහුට චන්දෙ දුන්න ගුරු භවතුන් එහෙම ඉනන්වද ?ඉන්නවා නම් අත උස්සන්න බලන්න .එන චන්දෙත් දෙන්නද ඉන්නේ ?