(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය පසුගිය 28 වැනිදා ඉරානයට ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ ඇමෙරිකානු ඩොලර් 70 සීමාව ආසන්නයේ තිබූ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමෙරිකානු ඩොලර් 114 සීමාව දක්වා ඉහළ ගොස් ඇති බවත් මාසයක් තුල බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 60 ක පමණ ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇමෙරිකානු ඩොලර් 114 සීමාවේ බොරතෙල් බැරලයක මිල ඉහළ, පහළ යමින් පවතින බවත්  මර්බන් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 157.9 ක් වූ බවත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 113.2 ක් වූ බවත් එම මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.

සිය විදුලි බලාගාරවලට ඇමෙරිකාව පහර දුන්නොත් කලාපයේ ඇමෙරිකාවට සම්බන්ධ බලශක්ති මධ්‍යස්ථාන පහර දෙන බවට ඉරානය නැවත වරක් අනතුරු ඇඟවීමත් සමග wp බොරතෙල් මිල නැවත වරක් ඉහළ ගිය බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් විණි.