(අංජුල මහික වීරරත්න)

අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සමස්ත කාර්ය මණ්ඩලයේ දිනක වැටුප හදිසි ආපදා තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීම සඳහා රජය ආරම්භ කරන ලද “Rebuilding Sri Lanka” අරමුදල වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද(23) පරිත්‍යාග කළේය.

ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත රුපියල් 340000 කින් යුත් මූල්‍ය පරිත්‍යාගය බාර දීම සිදු කෙරිණි.

සමස්ත ලංකා හෙද සංගමයේ අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ රෝහල් ශාඛාවේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී වූහ.