(අංජුල මහික වීරරත්න)

මෙරට හෙද සේවාව උපාධි මට්ටමට උසස් කිරීමේ අරමුණින් ජාතික හෙද විශ්ව විද්‍යාලයක් පිහිටුවීමේ රජයේ ප්‍රතිපත්ති යෝජනා යටතේ පිහිටුවන ලද විශේෂ කමිටුවේ තත්ත්ව සමාලෝචනය සඳහා වූ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්  අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ දී පැවැත්විණි.

මෙහිදී හෙද විශ්ව විද්‍යාලය පිහිටුවීම වෙනුවෙන් වූ කමිටුවේ මෙතෙක් ක්‍රියාවලිය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සොයා බැලූ අතර  කමිටු සාමාජිකයන් වෙත පැවති ගැටලු සහ අදහස් කෙරෙහි අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමු විය. 

මෙම සාකච්ඡාව සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය කේ. එල් වසන්ත කුමාර, සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිතයෝ සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු සහභාගී වූහ.