(රෝෂන් තුෂාර)

බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සංජීව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

රජයේ නියමිත කාර්ය පටිපාටියෙන් තොරව කටයුතු කරමින් වෙනත් පාර්ශවයකට වාසියක් සලසා රජයට රුපියල් ලක්ෂ හතළිහකට අධික පාඩුවක් කර දූෂණය නම් වරද සිදු කිරීම  සම්බන්ධයෙන්  සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.