
(සුජිත් හේවාජුලිගේ)
නැව් සහ ගුවන් මාර්ග දිගින් දිගටම අවහිර වුවහොත් මේ රටේ ඖෂධ පිළිබඳවද යම් ගැටලුකාරී තත්වයක් මතු වනු ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
ඖෂධ සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් ඇති වුවහොත් හදිසියේ මිලදී ගන්නා ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ජාත්‍යන්තර සංවිධාන තුනක් සමග දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන(UNDP) සහ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලය(UNOPS) සමග මෙසේ සාකච්ඡා ආරම්භ කර ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
ගුවන් යානා සහ නැව්වල ප්‍රමාදයක් ඇතිවුවහොත් ගත යුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතනවල ප්‍රධානීන් සමගද සාකච්ඡා ආරම්භ කර ඇත.
මේ අතර ඉරානයෙන් මෙරටට ඖෂධ හයක් ලැබෙන අතර එම ඖෂධ මාස හතරකට පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
තවදුරටත් අවශ්‍ය වුවහොත් එම ඖෂධ ලබාදීමට ඉරාන රජය එකඟත්වය පළ කර ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd