(සුජිත් හේවාජුලිගේ)

උත්සව සමය වෙනුවෙන් වෙළඳ සල් පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් අද සිට ආරම්භ කළ බව  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මේ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදහසකට ආසන්න පිරිසක් යොදවන බව එහි ලේකම් චමිල් මුතු ගොඩ මහතා පැවසීය.

එළඹෙන උත්සව සමය   නිමිත්තෙන් පාරිභෝගික කටයුතු අධිකාරියද වෙළඳ සල්  පරීක්ෂා කිරීමේ වැටලීම් ආරම්භ කර ඇත.