
(සුමිත් පොතුපිටිය)
මිහිදන් කර ඇති කාන්තාවකගේ ගෙලබැදි මාල කරාබු සහ වලලු සොරකම් කිරීමට මිනීවල හාරා ඇතැයි පොලිසිය කියයි.
මොරටුව , ලක්ෂපතිය ප්රදේශයේ පදිංචි කාන්තාවක විසින් කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සිය මවගේ මියයාමෙන් පසු ඉමිටේෂන් මාල, කරාබු සහ වලලු පළදවා දේහය මිහිදන් කළ බවත් හත්වන දින මිනීවල අභියස ඉටිපහන් දැල්වීමට යාමේදී දෙදෙනකු මිණීවල හාරමින් සිටිනු දුටු බවටත් ඔවුන් තමන්ව දැක පලාගිය බවට පැමිණිලි කර ඇතැයි පොලීසිය පවසයි.
මියගොස් ඇති කාන්තාවගේ දේහය බහා තිබී ඇත්තේ මිළ අධික මිනී පෙට්ටියක බවටද තොරතුරු ලැබී ඇති බව පොලිසිය සදහන් කරයි.
ඒ අනුව සුසාන භූමියේ ආරක්ෂක නිළධාරීයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවත් , සැකකරුවන් දෙදෙනා මොරටුව මහ නගර සභාවේ සේවකයන් බවට සැකකරන බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd