
(ප්‍රින්ස් රත්නායක)
කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ බළන්ගොඩ පහළ ඇල්ලෙපොල ප්‍රදේශයේ දී අද (11) පෙරවරු බස් රථ 3 ක් එකිනෙක ගැටීමෙන් අනතුරට ලක්විය.
පැල්මඩුල්ල දෙසින් බළන්ගොඩ දෙසට පාසල් දරුවන්ද ඇතුළුව මගීන් රැගෙන ගිය ලංගම බසයක් හා බළන්ගොඩ සිට කොළඹ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයත් හා එම දෙසටම ධාවනය වූ ලංගම බස් රථය එකට ගැටීමෙන් මෙලෙස අනතුරට පත්ව ඇත.
එම අවස්ථාවේ පැමිණි ගිලන් රියකින් සුළු තුවාල ලැබූ පාසල් දරුවන් සහ තවත් මගීන් කීපදෙනකු රෝහල් කරා යොමු කිරීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ. අනතුර හේතුවෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම ගමනාගමනයට අවහිර වී පැවතිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හිතා මතා කරපු දෙයක් වගේ පේන්නේ
ලංගම බස් අනතුරු දැන් ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. ඉස්සරහා පාර පැහැදිලි නැති වෙලාවක ඉස්සර කරන්න ගිය එක ලොකු වැරද්දක්, ඔය වෙලාවේ පොඩි වාහනයක් ත්‍රී වීල් එකක්, මෝටර් බයික් එකක් නම් ආවේ, මේක මාරක අනතුරක් වෙනවා. රියදුරු විනය හදන්න ඕන.