(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිෂ්පාදනය කෙරුණු ඖෂධ වර්ග පහළොවක් නිෂ්පාදන පිරිවැයට වඩා අඩුවෙන් අලෙවි කිරීමෙන් සංස්ථාවට ඉකුත් 2022 වර්ෂයේදී කෝටි 23ක පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
රටේ අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ අමුද්‍රව්‍ය හා අනෙකුත් ඇසුරුම් ද්‍රව්‍යවල මිල ගණන් නිරතුරුවම උච්ඡාවචනයට ලක්වීම සහ නිරතුරුවම මිල ගණන් ඉහළ යාම හේතුවෙන් එම ඖෂධයන්ගේ ඒකක මිල ඉහළ ගියත් එම අවස්ථාවේ ගබඩාව සතු තොගයන් ශුන්‍ය වනතුරු මිල සංශෝධනයක් කිරීමට ප්‍රායෝගිකව නොහැකිවූ බව සංස්ථාවේ පාලනාධිකාරිය විගණනයට පෙන්වාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2022 වර්ෂයේදී කෝටි 23ක පාඩුවක් හෙවත් තවත් සුපිරි ගැහිල්ලකට මගපෑදීමක්...
අපේ කාලයේ මෙහෙම දේවල් උනේ නැහැ.