
(සුජිත් හේවාජුලිගේ)
ඖෂධ වැඩිමිලට අලෙවි කිරීම වැළැක්වීම සඳහා මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා පැවසීය.
එම වැඩ පිළිවෙළ හරහා හොඳම ඖෂධ සාධාරණ මිලකට ලබා ගැනීම අවස්ථාව මෙරට ජනතාවට හිමිකර දෙන බවද ඔහු සඳහන් කළේය.
මිල පාලනය යාන්ත්‍රණයේ සුළු වැඩ කටයුතු කිහිපයක් සකස් කළ යුතුව තිබෙන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඉන් පසු අලෙවිසල්වලට හිතු හිතූ පරිදි ඖෂධ විකිණීමට නොහැකි වනු ඇති බවද ප්‍රකාශ කළේය.
එසේම රෝහල්වල නැති බෙහෙත් පිටින් ගන්න අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි ද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළුකඩ වෙළඳාම නවත්තන්න පාලන මිල පනවා බැහැ. දැනටත් රජයේ අනවශ්‍ය මැදිහත්වීම් නිසා තමයි බෙහෙත් හිඟ.
අලෙවිසැල්වල විතරක් නොවේ, පුද්ගලික රෝහල්වල වුණත් පාලන මිලට වඩා වැඩි මිලට බෙහෙත්වලට අය කරන්න දෙන්න එපා. එම නීතිය පුද්ගලික රෝහල්වලටත් අදාළ විය යුතුයි.
ගුණරත්න, තමුන්ලාගේ නායකයින්ගේ කාලේ බෙහෙත් ලාබෙට සුලබව තිබුණු, කොටින්ම වතුරෙනුත් බෙහෙත් පිරෙව්වා, ඔවුන් නිවැරැදියි කියලා අතත් ඉස්සුවා නේද ගුණේ?
විශේසච දොස්තරලා අය කරන ගාස්තු හරිම අසාධාරණයි. රජයේ මුදල් වලින් ඉගෙනගෙන දවසකට අසරණ ලෙඩ්ඩුන්ගෙන් හම්බකරන මුදල සමහරු රුපියල් ලක්ෂ ගණන්