
(ගයාන් සූරිය ආරච්චි)
ගාල්ල බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ ජනවාරි මස 1දා සිට ඊයේ (26) දින දක්වා කළ මෙහෙයුම්වලදී ජංගම දුරකථන 133 ක් සහ සිම් පත් 159 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගනු ලැබීය.
එම මෙහෙයුම්වලදී දුරකථන චාජර් 110 ක්, ඩේටා කේබල් 122ක්, දුරකථන බැටරි 12 ක්, මෙමරිකාඩ් 2 ක්, හෑන්ඩ් ෆ්රේ 56 ක් සොයාගෙන තිබුණි.
ඊට අමතරව දුම් වැටි කොටස් 12ක්, පිහි 3 ක්, හෙරොයින් ග්‍රෑම් 2 , මිලිග්‍රෑම් 850 ද, දුම්කොළ ග්‍රෑම් 40 , මිලිග්‍රෑම් 012 ක් විමර්ශන නිලධාරීන් සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාර නිලධාරින් හිරේදාලා ඔවුන්වත් එක්ක stf එකට ඔවුන්ව බාර දෙමු.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවක් මොකටද මෙහෙම දූශිතයෝ ඉන්නවා නම් මීට හොඳයි හිරකාරයෝ එළියේම ඉන්න ඇරියා නම්. ලැජ්ජයි හැමදාම මෙහෙම දේවල් අහන්න ලැබීම... ඇයි මේ සඳහා නිසි පියවර නොගන්නේ...?
බන්ධනාගාරවල Wi‑Fi සහ ජංගම ජැමර් යන්ත්‍ර ස්ථාපනය කරලා, සේවකයන්ට වැඩ කරන කාලයේ ඔවුන්ගේ දුරකථන පිටත තැබීමට කියන්න බැරි ඇයි?
පේනවානේ ලංකාවේ තාක්ෂණය කොයිතරම් නොදියුනුද කියලා. වෙන රටවල නම් බන්ධනාගාර තුළ දුරකථන සංඥා ජෑම් කරලා තියෙන්නේ. ජංගම දුරකථන තිබුණාට බන්ධනාගාරය ඇතුළත වැඩකරන්නේ නෑ. අවශ්‍ය පරිදි වැඩකරන සීමාව යොදාගත හැක. මට නම් හිතෙන්නේ අපේ දූෂිත බන්ධනාගාර නිලධාරි මේවා නොදන්නවා වගේ ඉන්නේ ඔවුන්ට ලැබෙන ගතමනාව නැතුව යන නිසා. ආර්ණ්ඩුව මහා පරිමාණ IT ව්‍යාපෘති වලට අතගහන්න ඉස්සරවෙලා ඇයි මේ වගේ සරල දේවල් නොකරන්නේ? මාලිමා රජය මේවා නොකරනවා නම් ආයි කරන්න වෙන කවුරුත් නෑ. බැරිනම් කියන්න අපි දන්නව කරන හැටි.
මේ නිකං බොරු සංදර්ශන දාන්නේ නැතුව පුලුවන්නම් සිරකුටි ඇතුළත ජංගම දුරකථන ජෑම් කරලා පෙන්නන්න. මේක ඉතාම සරල ඉතා පහසු කටයුත්තක්. ඒත් කවදාවත් කරන්න බෑ. හිරගෙදර ඉන්න දූෂිත නිලධාරීන් ඉන්නකල් ඒකට ඉඩ තියන්නේ නෑ. රජයක් හැටියට මේවා අහන්න කියන්න ලැජ්ජා නැද්ද? එහෙම නැත්නම මේක කවුරුත් එක්ක හවුලේ කරන ව්‍යාපාරයක්ද? පාතාල සල්ලිවලට කරන්න බැරිදෙයක් නැති බව ඉතා පැහැදිලියි. ඔක්කෝටම ඉස්සරවෙලා අර දූෂිත නිලධාරීන් ටික ගෙදර යවලා ඉන්න. ඊට පස්සේ වැඩේ නිකම්ම සිද්ධ වෙයි.