IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

 

(ටෝනි කරුණානායක)
 
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ගම්පහ මහාධිකරණය මගීන් පනවා තිබු විදෙස් ගමන් තහනම ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (02) ඉවත් කලේය.

 
දොම්පේ මල්වාන ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිතා කිරිමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ට සහ තිරුකුමාර් නඩේෂන් යන දෙදෙනාට විරුද්ධව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ චෝදනා කර නඩුපවරා තිබේ.
විදෙස් ගමන් තහනම එම නඩුවේ එක් ඇප කොන්දේසියක් විය.

ජනාධිපති ගෝඨාභය මහතා විසින් පත් කර ඇති ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරිම සදහා වන ජනාධිපති කාර්‍ය් සාධක බලකායේ සභාපති ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත්කර ඇති බවත් එහි රාජකාරිකාරිමය කටයුතු සදහා තම සේවාදායකයාට විදේශ ගත විමටසිදු වන හෙයින් මෙම නඩුවට අදාළ විදේශ ගත වීමේ තහනම ඉවත් කරන ලෙස ජනාධිපති නීතිඥ ඩී.ඒ.පී.වීරත්න මහතා මෝසම් පත්‍රයක් ඉදිරිපත් කරමින් අද (02) මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය .

එම නඩුව කැදවු අවස්ථාවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩී.ඒ.පී.වීරත්න මහතා විසින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව එම තනතුරට  පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයේ පිටපතක් ද මහාධිකරණය හමුවට ඉදිරිපත් කලේය. 2021මාර්තු මස 12 වෙනිදාට ගම්පහ මහාධිකරණය හමුවේ පෙනී සිටිමේකොන්දේසි මත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගේ විදේශ ගත වීමේ තහනම ඉවත් කළ ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා  ඒ බව ආගමන විගමන පාලක වෙත දැනුම් දෙන ලෙස ගම්පහ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට වැඩ්දුරටත් නියම කලේය .

එම නඩුවේ විත්තිකරුවන් වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ තිරුකුමාර් නඩේෂන් යන දෙදෙනා අද (02) ගම්පහ මහාධිකරණය හමුවේ පෙනී නොසිටි අතර එම දෙදෙනාට ලබන වසරේ මාර්තු මස 12 වෙනිදාට ගම්පහ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කෙරුණි.



අදහස් (26)

බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

Nisha Wednesday, 02 December 2020 12:12 PM

රටේ ප්‍රශ්න ඇතිකරලා... මිනිහා සේරම නඩුටික ඉවරකරගත්තා. කොහොමද රාජපක්ෂලාගේ ටිකිරි මොලේ...?

:       0       91

Hafeel Wednesday, 02 December 2020 04:36 PM

ඒකට තමයි බලය ඉල්ලුවෙත්.. 2/3 බලය දුන්නෙත්. රට හදන්නවත් හෝ එක රට, එක නීතිය ක්‍රියාත්මක කරන්නවත් නොවේ. මෙතැන රනිල් සහ මෛත්‍රීටත් ස්වභාවික කර්මයකට මුහුණ දෙන්න වෙනවා.

:       0       0

sunil Wednesday, 02 December 2020 12:13 PM

මෙවැනි දේවල් වලින් වන්නේ රටේ අධිකරණ පද්ධතියේ ඇති විශ්වාසනීයත්වය පලුදු වීම පමණි. රටට විදේශ ආයෝජන වැනි දේ ගලාඒමට නම් රටේ අධිකරණ පද්ධතියේ විශ්වාසනීයත්වය ඉතා ඉහළින් තිබිය යුතු දෙයක් වන අතර, ලංකාවට විදේශ ආයෝජන නොපැමිණීමට මෙය එක් හේතුවකි.

:       0       176

damithWednesday, 02 December 2020 03:23 PM

ඔයාට ඔච්චර කල් ඒ ගැන විශ්වාසයක් තිබුණද?

:       0       0

banda Wednesday, 02 December 2020 12:14 PM

ඔයාගේ අඹුදරුවෝ බලන්න ඇමෙරිකාවට යන්න එපෑයෑ.

:       0       68

ජනිත් Wednesday, 02 December 2020 12:14 PM

එතකොට මල්වානේ තියෙන ඕපපාතික ගෙදර තත්වේ මොකක්ද?

:       0       73

බැසිල් Wednesday, 02 December 2020 10:03 PM

ආ...ඒ මල්වානේ නඩුව මම දැනටමත් දිනලා ඉන්නේ.නඩු තීන්දුව ඔබ තුමාම ලියලා එවන්න.නඩු දාට මම ඒක කියවන්නම්.." කියලා.මොනවා වුණත් මිනිහා තීන්දුව ප්‍රකාශ කලාට පස්සේ අපි මිනිහට ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රමෝෂන් එකක් දෙනවා.අපි කළගුණ සළකන දකුණේ මිනිස්සු.

:       0       0

Bamunuarachchi Wednesday, 02 December 2020 12:15 PM

දැන් අනුර කුමාර එකතු කරගෙන චම්පික, රාජිත, රනිල් වගේ අයගේ විදෙස් ගමන් තහනම් කරන්න ආණ්ඩු ටිකක් පටලවමු.

:       38       19

දොලේවත්තWednesday, 02 December 2020 04:27 PM

වහල්කම් සුව කළ නොහැක... වඳ වී යා යුතුයි.

:       0       0

MISHAL-MATARA Wednesday, 02 December 2020 12:20 PM

දැන්ම තීන්දුව දුන්නා නම් ඉවරයිනේ... ඇයි පරක්කු කරන්නේ ..?

:       0       43

pradeepa Wednesday, 02 December 2020 12:27 PM

අයියලා ජනාධිපති සහ අගමැති... මොන ලෝකෙද ජේල් එකට ගියේ. නිකන් විහිළු කරනවා. ඕකට උසාවි යන්න ඕනෑ නැහැ. ගෙදර ඉඳන් කරන්න පුළුවන්.

:       0       59

nuwan Wednesday, 02 December 2020 12:35 PM

අපේ සර් දවසින් දවස එක එක විෂය හරි ඉහළින් සමත් වෙනවා.

:       0       66

De Wednesday, 02 December 2020 12:38 PM

බැසිල් නිරිඳුනි ඔබට සදා ජය... ඔබයි අපේ මීළඟ ‘‘මහරජා‘‘ ... රටම ගොඩ, ඔයාලත් ගොඩ.

:       10       38

සඳුන් Wednesday, 02 December 2020 12:47 PM

ගෙදරින් ගෙනා කාබන් පෑනෙන් කතිරය ගසා බලය ලබා දුන් එදා වේල යන්තමින් ගැට ගසා ගන්නා අහිංසක බයියන්ගේ සතුට වෙනුවෙන් මල්වානේ මාලිගාවත් ෂේප් කරලා දෙන්න ස්වාමීනි !!

:       0       73

ඉන්දික Wednesday, 02 December 2020 01:00 PM

එතකොට මෙතුමා සියඹලා ගෙනැල්ලාම නැද්ද මම අහන්නෙ...?

:       0       44

Puppa Wednesday, 02 December 2020 01:19 PM

අනේ මෙහෙමත් දේවල් අපිට දකින්නට වුණානේ..

:       0       53

පුරවැසියා Wednesday, 02 December 2020 02:33 PM

නරකද කාටවත් අයිති නැති මල්වානේ මන්දිරය නිරෝධායන මධ්‍යස්ථානයක් කරානම්...?

:       0       48

lakvidu Wednesday, 02 December 2020 02:57 PM

මෙවන් අතිශය අහිංසක පූස්පැටියන් නිරපරාදේ බොරු නඩුවලට පටලවා ඒ අහිංසක සිත් රිදවීම් වෙනුවෙන් නීතිපති වන්දි ගෙවිය යුතුයි.

:       0       0

Prabha Wednesday, 02 December 2020 03:07 PM

කිසිම අයිතිකාරයෙක් නැති එකේ බැලුවේ හොර ඔප්පුවක් හදලා අයිතිය ඉල්ලන්න.

:       0       0

Buddika Wednesday, 02 December 2020 03:13 PM

නීතිය සැමට නැති බව පැහැදිලියි. පල්හොරු නිදොස් කොට නිදහස් වෙද්දී පොල්ගෙඩිය, කෙසෙල් කැන හොරකම් කරන අහිංසකයෝ හිරේ යනවා. නීතිය රාජපක්ෂලා ගැන නොදන්න එක නිසාම නීතියට දෙයියන්ගේ පිහිටයි.

:       0       0

Kamal Wednesday, 02 December 2020 03:32 PM

රට කනවා.. අහිංසක අපේ මිනිස්සු දෙවියනේ.. !!!

:       0       0

Ranjith Thursday, 03 December 2020 02:01 AM

දාලා තියෙන අදහස් වලින් පේනවා ජනතාව මෙවැනි ක්‍රියා මොනතරම් ප්‍රතික්ෂේප කරනවද කියලා...

:       0       0

Rata Perata Thursday, 03 December 2020 07:28 AM

එක පවුලක් හා හොරු රැළක් රකින නන්දසේන ඇතුළු අසාර්ථකම රජයක්... කාලකණ්ණි...

:       0       0

BamunuarachchiSunday, 06 December 2020 12:56 AM

2015 සිට 2020 දක්වා ඔය හොඳට කරලා පෙන්නුවේ. මහ බැන්කුවටත් වැඩේ දීල පාස්කු බෝම්ම්බත් පුපුරවලා අන්තිමට 6.5 තිබුන ආර්ථික වේගය 1.5 ට වට්ටලා කොරෝනත්‍ එක්ක රට බාර දුන්න. මේ කාලේ මේ ගොල්ලෝ හිටියා නම් පෙකනිල් බීල මිනිස්සු මැරෙන්නේ. යාන්තම් කාලකන්නි ටික තුරන් උනා. නැතිනම් රජකරන්නේ සිංහලයෝ නොවෙයි හම්බ්ස් ලා.

:       0       0

විපරමා Thursday, 03 December 2020 02:55 PM

පවුල් පාලනේ අයට ඕනෑ විදියටනේ වැඩ සිද්ද වෙන්නේ... මෙහෙම රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති...

:       0       0

CHANDIMA Thursday, 03 December 2020 07:45 PM

එතකොට පහුගිය දවස්වල ආවේ ගියේ කොහොමද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 505 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site