
(ටෝනි කරුණානායක)
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ගම්පහ මහාධිකරණය මගීන් පනවා තිබු විදෙස් ගමන් තහනම ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (02) ඉවත් කලේය.
දොම්පේ මල්වාන ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර රජයේ මුදල් අවභාවිතා කිරිමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ට සහ තිරුකුමාර් නඩේෂන් යන දෙදෙනාට විරුද්ධව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ චෝදනා කර නඩුපවරා තිබේ. විදෙස් ගමන් තහනම එම නඩුවේ එක් ඇප කොන්දේසියක් විය.
ජනාධිපති ගෝඨාභය මහතා විසින් පත් කර ඇති ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරිම සදහා වන ජනාධිපති කාර්‍ය් සාධක බලකායේ සභාපති ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පත්කර ඇති බවත් එහි රාජකාරිකාරිමය කටයුතු සදහා තම සේවාදායකයාට විදේශ ගත විමටසිදු වන හෙයින් මෙම නඩුවට අදාළ විදේශ ගත වීමේ තහනම ඉවත් කරන ලෙස ජනාධිපති නීතිඥ ඩී.ඒ.පී.වීරත්න මහතා මෝසම් පත්‍රයක් ඉදිරිපත් කරමින් අද (02) මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය .
එම නඩුව කැදවු අවස්ථාවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඩී.ඒ.පී.වීරත්න මහතා විසින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව එම තනතුරට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයේ පිටපතක් ද මහාධිකරණය හමුවට ඉදිරිපත් කලේය. 2021මාර්තු මස 12 වෙනිදාට ගම්පහ මහාධිකරණය හමුවේ පෙනී සිටිමේකොන්දේසි මත හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගේ විදේශ ගත වීමේ තහනම ඉවත් කළ ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඒ බව ආගමන විගමන පාලක වෙත දැනුම් දෙන ලෙස ගම්පහ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට වැඩ්දුරටත් නියම කලේය .
එම නඩුවේ විත්තිකරුවන් වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ තිරුකුමාර් නඩේෂන් යන දෙදෙනා අද (02) ගම්පහ මහාධිකරණය හමුවේ පෙනී නොසිටි අතර එම දෙදෙනාට ලබන වසරේ මාර්තු මස 12 වෙනිදාට ගම්පහ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කෙරුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ප්‍රශ්න ඇතිකරලා... මිනිහා සේරම නඩුටික ඉවරකරගත්තා. කොහොමද රාජපක්ෂලාගේ ටිකිරි මොලේ...?
මෙවැනි දේවල් වලින් වන්නේ රටේ අධිකරණ පද්ධතියේ ඇති විශ්වාසනීයත්වය පලුදු වීම පමණි. රටට විදේශ ආයෝජන වැනි දේ ගලාඒමට නම් රටේ අධිකරණ පද්ධතියේ විශ්වාසනීයත්වය ඉතා ඉහළින් තිබිය යුතු දෙයක් වන අතර, ලංකාවට විදේශ ආයෝජන නොපැමිණීමට මෙය එක් හේතුවකි.
ඔයාගේ අඹුදරුවෝ බලන්න ඇමෙරිකාවට යන්න එපෑයෑ.
එතකොට මල්වානේ තියෙන ඕපපාතික ගෙදර තත්වේ මොකක්ද?
දැන් අනුර කුමාර එකතු කරගෙන චම්පික, රාජිත, රනිල් වගේ අයගේ විදෙස් ගමන් තහනම් කරන්න ආණ්ඩු ටිකක් පටලවමු.
දැන්ම තීන්දුව දුන්නා නම් ඉවරයිනේ... ඇයි පරක්කු කරන්නේ ..?
අයියලා ජනාධිපති සහ අගමැති... මොන ලෝකෙද ජේල් එකට ගියේ. නිකන් විහිළු කරනවා. ඕකට උසාවි යන්න ඕනෑ නැහැ. ගෙදර ඉඳන් කරන්න පුළුවන්.
අපේ සර් දවසින් දවස එක එක විෂය හරි ඉහළින් සමත් වෙනවා.
බැසිල් නිරිඳුනි ඔබට සදා ජය... ඔබයි අපේ මීළඟ ‘‘මහරජා‘‘ ... රටම ගොඩ, ඔයාලත් ගොඩ.
ගෙදරින් ගෙනා කාබන් පෑනෙන් කතිරය ගසා බලය ලබා දුන් එදා වේල යන්තමින් ගැට ගසා ගන්නා අහිංසක බයියන්ගේ සතුට වෙනුවෙන් මල්වානේ මාලිගාවත් ෂේප් කරලා දෙන්න ස්වාමීනි !!
එතකොට මෙතුමා සියඹලා ගෙනැල්ලාම නැද්ද මම අහන්නෙ...?
අනේ මෙහෙමත් දේවල් අපිට දකින්නට වුණානේ..
නරකද කාටවත් අයිති නැති මල්වානේ මන්දිරය නිරෝධායන මධ්‍යස්ථානයක් කරානම්...?
මෙවන් අතිශය අහිංසක පූස්පැටියන් නිරපරාදේ බොරු නඩුවලට පටලවා ඒ අහිංසක සිත් රිදවීම් වෙනුවෙන් නීතිපති වන්දි ගෙවිය යුතුයි.
කිසිම අයිතිකාරයෙක් නැති එකේ බැලුවේ හොර ඔප්පුවක් හදලා අයිතිය ඉල්ලන්න.
නීතිය සැමට නැති බව පැහැදිලියි. පල්හොරු නිදොස් කොට නිදහස් වෙද්දී පොල්ගෙඩිය, කෙසෙල් කැන හොරකම් කරන අහිංසකයෝ හිරේ යනවා. නීතිය රාජපක්ෂලා ගැන නොදන්න එක නිසාම නීතියට දෙයියන්ගේ පිහිටයි.
රට කනවා.. අහිංසක අපේ මිනිස්සු දෙවියනේ.. !!!
දාලා තියෙන අදහස් වලින් පේනවා ජනතාව මෙවැනි ක්‍රියා මොනතරම් ප්‍රතික්ෂේප කරනවද කියලා...
එක පවුලක් හා හොරු රැළක් රකින නන්දසේන ඇතුළු අසාර්ථකම රජයක්... කාලකණ්ණි...
පවුල් පාලනේ අයට ඕනෑ විදියටනේ වැඩ සිද්ද වෙන්නේ... මෙහෙම රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති...
එතකොට පහුගිය දවස්වල ආවේ ගියේ කොහොමද?