(අජන්ත කුමාර අගලකඩ සහ රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට බැසිල් රාජපක්ෂ මහතා නම්කරන බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.
බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකු ලෙස පත්කරන්නැයි එම පක්ෂයේ මහ ලේකම්වරයා ලිඛිත දැනුම්දීමක් කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය.
මේ අතර බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයකු ලෙස පත්කිරීෆම් අති විශේෂ ගැසට් නිවේදනය හෙට (7) නිකුත් කරන බව ද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටට සෞභාග්‍යය උදාවෙයි. අනේ රටට වෙච්චි දෙයක්...!!!
මේක සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී වැඩක්.