
(පාලිත ආරියවංශ)
බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක් අද (26) සවස දුන්හිද පහළ වංගුවේ වේල්ලක ගැටී සිදුවු අනතුරකින් එහි ගමන් ගත් මගීන් 16 දෙනෙකු තුවාල ලබා බදුල්ල මහරෝහලට ඇතුලත් කර ඇත.
තුවාලකරුවන් අතර හිමි නමක සහ කාන්තාවන් 4 දෙනෙකු ද සිටින බව බදුල්ල පොලිසිය කීය.
කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය පාලනය කරගත නොහැකි වූ බවද, එය පල්ලමට යාම වැළැක්වීම සදහා වේල්ල දෙසට ධාවනය කරවු බවද රියදුරා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම රියැදුරා කර ඇත්තේ ඉතාමත්ම ඥාණාන්විත ක්රියාවකි. පැසසුමට ලක්විය යුතුයි... නිකරුනේ ඔහුට වරදක් පටවන්න හදන්න එපා...