
(අමදෝරු අමරජීව හා සුගත් බද්දේගෙදර)
අක්කරේපත්තු සිට ත්‍රිකුණාමලය බලා ගමන් ගත් සුඛෝභෝගී මගී බස් රථයක් සෝමාවතී පාර ටී හන්දියේදී අද (25) උදෑසන පෙරළී යාමෙන් මගින් දොළොස් දෙනකු තුවාල ලැබූ බව සේරුනුවර පොලිසිය කියයි .
අක්කරේපත්තු සිට අලුයම පිටත් වූ මෙම බස්රථයේ මගීන් 27 දෙනකු ගමන් කර ඇති අතර සෝමාවතී පාර ටී හන්දියේදී අනතුරක් වළක්වා ගැනීම සඳහා තිරිංග තද කරද්දි බසය ලිස්සා ගොස් පෙරළීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.
තුවාල ලැබූ මගීන් සේරුනුවර ප්‍රාදේශීය රෝහලට සහ මූතූර් මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බසයේ රියදුරු පොලිස් භාරයට ගෙන තිබේ.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd