IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බස්නාහිරට විදෙස් රැකියා පොළක් එයි

(අංජුල මහික වීරරත්න)

බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් රැකියා පොළක් පවත්වන්නට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පළාත් මට්ටමින් මෙම රැකියා පොළ පවත්වනු ලබයි.

එම බස්නාහිර පළාත් රැකියා පොළ ගම්පහ, යසෝදරා දේවී  බාලිකා විද්‍යාල පරිශ්‍රයේදී සෙනසුරාදා (23) පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා  පැවැත්වීමට නියමිතය.

මෙම රැකියා පොළ වැඩසටහනේදී තරුණ තරුණියන්ට විදේශ රැකියා අවස්ථා සඳහා අයැදුම් කිරීමට අවස්ථාව හිමිවන අතර එදින සහභාගී වන විදේශ රැකියා අපේක්ෂිතයින් කාර්යාංශ රැකියා බැංකුවේ ලියාපදිංචි කරගැනීමද සිදුකරනු ලබයි. 

ඊට අමතරව ශ්‍රී ලංකා රජය, ජපානය, ඊශ්‍රායල් හා දකුණු කොරියා රජයන් සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම් අනුව ලබාදෙනු ලබන විදේශ රැකියා අවස්ථා පිළිබඳව දැනුවත් කිරීමද මෙහිදී සිදුකෙරේ.

කාර්යාංශයේ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන 25 ක් මේ සඳහා සහභාගිවන අතර, එම ආයතන වෙත ලැබී ඇති විදේශ රැකියා අවස්ථා පිළිබඳව තොරතුරු ලබාගැනීමට, ඒ සඳහා අයැදුම් කිරීමට හා රැකියා ලබාගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මෙහිදී රැකියා සඳහා සෘජු බඳවාගැනීම් සිදුකිරීමටද නියමිතය.

මීට අමතරව බස්නාහිර පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් 123 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3.75 ක් වටිනා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමද මෙම වැඩසටහනට සමගාමීව සිදුකෙරේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බස්නාහිර පළාත් කාර්යාලය හා අලෙවිකරණ අංශය එක්ව මෙම රැකියා පොළ වැඩසටහන සංවිධානය කර ඇති අතර, ඉදිරියේදී අනෙකුත් පළාත්වලද මෙම වැඩසටහන පැවැත්වීමට කාර්යාංශය අපේක්ෂා කරයි.



අදහස් (0)

බස්නාහිරට විදෙස් රැකියා පොළක් එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site