බස්නාහිර පළාතේ සියලු පාසල් ලබන සඳුදා සිට විවෘත කිරීමට සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා අවසර ලබා දී ඇතැයි වාර්තා වේ.
අප්‍රේල් 29 වැනිදා මෙම පාසල් විවෘත කිරීමට කලින් සැලසුම් කර තිබූ අතර කොරෝනා වයිරසය පැතිරීම පාලනය වී ඇති නිසා ඊට කලින් පාසල් විවෘත කිරීමට අවසර ලැබී ඇත.
කොරෝනා වයිරසය ව්‍යාප්තියත් සමග දිවයින පුරා පාසල් වසා දැමුණු අතර අවදානම නොමැති ප්‍රදේශවල කඩින් කඩ පාසල් විවෘත කෙරිණි.
බස්නාහිර පාසල්වල ශිෂ්‍යත්ව,සාපෙළ සහ උසස් පෙළ පන්ති පසුගිය 15 වැනි දා සිට ආරම්භ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මොකද මේ වෙන්නේ?
හොඳ තීරණයක්...!!!
තවත් මෝඩ තීරණයක්. ගහෙන් ගෙඩි එන්නා වගේ කිසිදු වැඩ පිළිවෙළක් නැතිව දින 04කට ඉස්කෝලෙ අරිනවා.
අර කිව්වා වගේ 29 පටන් අරගෙන අප්‍රේල් 8 වගේ අවුරුදු නිවාඩුව. ඒ කියන්නේ සතියක් විතර තමයි ඉස්කෝලේ පවත්වන්න පුළුවන්. මේක ප්‍රායෝගිකද? මේ සතියෙන් අධ්‍යාපන බලධාරීන් අපේක්ෂා කරන අරමුණ මොකක්ද? තීරණ ගැනීමේදී අවධානම සහ අවශ්‍යතාවය අතරින් වඩා ප්‍රශස්ත හා ප්‍රායෝගික නොවිය යුතුද? කොරෝනා අඩුවීම නිසා නැතිවෙන තමන්ගේ මඩිය වැඩිකිරීමට නම් හොඳ තීරණයක් වෙයි.
තවම කොරෝනා රෝගීන් අඩුවෙලා නැහැ. ඡන්දෙට තියෙන හදිස්සියට පාසල් අරින්න එපා. අපිත් ආසයි ළමයි ඉස්කෝලේ යනවා නම් ගෙදර ඉඳන් ඔන්ලයින් ඉගෙන ගන්නවට වඩා. නමුත් ළමයින්ගේ ආරක්ෂාව වටිනවා. මොකටද තවම එන්නත් 50%ක් වත් ගහලා නැහැ.
හොඳයි...