
(රේඛා තරංගනී ෆොන්සේකා)
බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තු වෛද්‍ය නිලධාරින් විසින් නිරෝධායන පවුල් 40,000ක් සඳහා ඖෂධ බෙදාදීම අද සිදු කෙරිණි.
එය සංකේතවත් කරමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ්ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතාට එම ඖෂධ පැකට් පිළිගැන්වීම ආණ්ඩුකාර කාර්යාලයේදී අද සිදු කළේය.
බස්නාහිර පළාත් ආයුර්වේද කොමසාරිස් ජී.එම්. මාලා පෙරේරා මහත්මිය විසින් මෙම ඖෂධ පිළිගන්වනු ලැබුවාය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයෙ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව නිරෝගිකමට මුල්තැන යන තේමාව යටතේ බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙනු ඇත.
දේශීය ඖෂධ වර්ග 5කින් යුක්ත ව ලබාදෙන මෙම බෙහෙත් ඇසුරුම එක් පවුලකට දින පහකට සෑහෙන ලෙසයි සකස් කර ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd