(සුජිත් හේවාජුලිගේ )
බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට මේ මස 31 වැනිදාට පෙර කොරෝනා මර්දන එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට ඊයේ(2) උපදෙස් දුන්නේය.
දිවයිනේ සියලුම ප්‍රදේශවල ඉහළ ප්‍රතිශතයකට ලබන සැප්තැම්බර් මාසයට පෙර එන්නත ලබාදීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ එන්නත්කරණය සහ කොවිඩ් මර්දන කටයුතු සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයන් සමග ජනාධිපති කාර්යාලයේදී ඊයේ(2)පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනික් පලාත්වල ජිවත් වෙන්නේ මනුස්සයෝ නෙවෙයිද
හිතක් පපුවක් නැති ස්ට්‍රයික් කාරයොත් එක්ක ඒ ඉලක්කයට යන්න පුලුවන් ද? කුප්‍රසිද්ධ එන්ජීඕ නර්ස් මහත්තය වැඩ පටන් අරං නේද?
උතුරෙන් ආවොත් විදගන්න පුලුවන්ද? සර්.
ඉස්සෙල්ලා 60 වැඩි පිරිසට ගහලා ඉමුකෝ නේ ද? කට ඉස්සර කරගන් නැතුව.මොක ද තාම එකක්වත් ගහන්න තියා කව දා ගහයි ද කියලා හිතාගන්න බැරි පිරිස වැඩි නිසා
කොරෝනාව අද හෙට අවසන්වෙන වසංගතයක් නොවන බවත් එන්නත් දෙන එක අවුරුද්දක් පතා තව බොහෝ කාලයක් යනතුරු කරන්නට සිදුවෙන දෙයක් බවත් තමයි මේවා ගැන කරුණු කාරනා දන්නා අය කියන්නේ. අපි වගේ දුෂණය ඉහ වහා ගිය රටවල් වලට ඒවගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න ශක්තියක් තිබේද කියන එකයි ලොකුම ගැටලුව.
"උපදෙස් දුන්නේය. අවධාරණය කළේය." 69 ලක්ෂයක් හිතපු කොන්ද කෙළින් ජනාධිපතිවරයෙක් නම් නියෝග දීමට සමත්විය යුතුයි. ප්‍රමාණවත් එන්නත් නොමැතිව කරන ප්‍රකාශයක් වශයෙන් මෙය සළකන්නට සිදුවේ.
අපි කොලඹ
මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනන බැහැ
මැසිවිලි කියකියා කට මැත නියන්නේ - කිසි අරුතයක් නැතිවම බණ දෙසන්නේ - ඇසිපිය විල්ලකින් කී දෙය නොදන්නේ - අසිරිය බලාපන් විරුවෙකි දොඩන්නේ
එන්නත් දෙන ප්‍රදේශ දැනගන්න පුළුවන් කොහොමද? නිරෝධායනය වෙමින් සිටි නිසා මාහට දෙවෙනි එන්නත් ලබාගැනීමට නොහැකිවුණා.. මෙවැනි අය එය ලබන්නේ කොහොමද?
වැඩ බැරි ජනාධිපති, සද්දෙ විතරයි. අවශ්‍ය එන්නත් ටික ගෙන්න ගන්නේ නැතිව ඔක්කොටම දෙන්න කියලා කිව්වට දෙන්නේ මොනවද? දැන් පේන විදිහට මෙච්චරකල් ඕක කරගන්න බැරි වෙලා තියෙන්නේ මෙයා ඕක දීලා ඉවර කරන්න කියලා අණකරපු නැති නිසා කියලයි මට නම් හිතෙන්නේ.