(යොහාන් භාසුර)
මාර්ග නීති උල්ලංඝණය කිරීම ඇතුළු නීති විරෝධී කටයුතුවල නියලෙන අන්තර් පළාත් බස් රථ සේවකයන් පිළිබඳ වීඩියෝ දර්ශන යොමු කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසම 071-2595555 යන නව අංකයක් හදුන්වාදී තිබේ.
එම අංකයට වට්ස්ඇප්, වයිබර් සහ ඊමෝ යන ජාල හරහා වීඩියෝ යොමු කළ හැකි බවත් එම වීඩියෝ දර්ශන අදාල නීතිවිරෝධී ක්‍රියාව සම්බන්ධ පරීක්‍ෂණවලදී සාක්‍ෂියක් හැටියට යොදාගන්නා බවත් ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය.
ජාතික ගමනාගමන කොමිසමේ ක්ෂණික දුරකථන අංකය වන 1955 අංකයට අඛණ්ඩව පැමිණි කළ හැකි බවත් තව දුරටත් මගී ජනතාවට ආරක්‍ෂාව සැළසීම සඳහා මෙම නව අංකය හදුන්වා දුන් බවත් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා වැඩි දුරටත් කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
බස් රථ අකටයුතුකම්වල වීඩියෝ එවන්න අංකයක්