
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ කොළඹ මාර්ගයේ කොරලඉම ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ ඇඟළුම්ලුම් කර්මාන්ත ශාලාවක සේවකයන් ප්‍රවාහනය කරන බස් රථයක් එකිනෙක ගැටීමෙන් සේවක සේවිකාවන් 23 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව කහතුඩුව පොලිසිය කියයි.
තුවාල ලැබූවන් අතර පිරිමි පුද්ගලයන් තිදෙනකු සිටින බව පොලීසිය කියයි.
ලංගම බස් රථයේ කිසිවකුට තුවාල සිදුවී සිදු වී නැතැයි පොලිසිය කියයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනකු කලුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර සෙසු තුවාලකරුවන් වෑතර රෝහල වෙත ඇතුළත් කර ඇත.
පාතකඩ ප්‍රදේශයේ සිට කහතුඩුව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථය හොරණ සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
ඇඟලුම් කර්මාන්තශාලා සේවක බස් රථය පැදවූ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
ඇඟලුම් සේවක සේවිකාවන් ප්‍රවාහනය කර බස්රථයෙ ඉදිරිපසට බරපතළ හානි සිදු වී ඇති අතර ලංගම බස් රථයේ පිටුපසට අලාභානි සිදු වී ඇත





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd