(අංජුල මහික වීරරත්න)
බස් රථ ප්‍රමාණවත් තරම් ධාවනය නොවීමෙන් කොළඹ නගරයෙන් පිටත්ව යාමට සිටි මගීහු අද (31) දැඩි අපහසුතාවයකට පත් වූහ.
කාර්යාල සේවකයන් මෙන්ම වෙනත් අවශ්‍යතා සඳහා කොළඹට පැමිණි මගීන් පැය ගණන් බස් රථ නැවතුම් පොළවල රැඳී සිටිනු දකින්නට හැකි වූ අතර බෙහෙත් ගැනීමට පැමිණි රෝගී ජනතාව ද ඒ අතර සිටිනු දැකගත හැකි විය.
දුරගමන් මෙන්ම නගරාන්තර බස් රථ සේවා වල ද විශාල වශයෙන් අඩුවක් දක්නට ලැබිණි.
කොළඹ පහරවල් බොහොමයක් පාළු ස්වරූපයක් ගෙන තිබෙන ආකාරයක් ද දක්නට හැකිවිය.
දුම්රිය ධාවනය ද නිසි පරිදි නො කෙරෙන පසුබිම යටතේ බස්රථ ධාවනය ද අඩුවීම නිසා තම ගමනාගමන කටයුතු අඩාල වී තිබෙන බව මගීහු පවසති.
සෙනසුරාදා( 2)වන විට ඉන්ධන නොලැබුණොත් සදුදා සිට පූර්ණ වශයෙන් බස් රථ ධාවනයෙන් ඉවත් වන බව මේ වන විට බස් සංගම් ද අනතුරු අඟවා තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බස් නැතිව කොළඹ මගීහු අතරමං