IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


බස් - ත්‍රිරෝද රථ ගැටී දෙකක් මරුට

(චමින්ද වැවතැන්න,රුවන් පතිරණ සහ ජයරත්න විල්ලර)

කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වරකාපොළ තුල්හිරිය ඇගළුම් කර්මාන්තපුරය ආසන්නයේ දී අද දහවල් බස් රථයක ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනකු මිය ගොස් සිව් දෙනකු  තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි වරකාපොළ පොලිසිය කියයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ කළුතර බේරුවල චීනකොටුව කන්ගනන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 10 ක පිරිමි දරුවකු හා ත්‍රිරෝද රථයේ රියදුරුවරයා බව පොලිසිය කියයි.

අනතුර සිදු වන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ හය දෙනකු ගමන් කර ඇත.

රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී වයස අවුරුදු 10 ක පිරිමි දරුවා සමග ත්‍රිරෝද රථයේ රියදුරුවරයා මිය ගොස් සිටි බවත් සෙසු තුවාලකරුවන් සිිිව් දෙදෙනා වැඩිදුරටත් ප්‍රතිකාර සදහා කෑගල්ල මහ රෝහලට මාරු කර යවා ඇති බවත් පොලිසිය කියයි.

ත්‍රිරෝද රථයේ පිරිස කළුතර බේරුවල සිට කුරුණෑගල ප්‍රදේශයේ හිතවතකුගේ නිවසකට ගොස් ආපසු කළුතර බලා ගමන් කරමින් සිට ඇති බවත් පොලිසිය කියයි.



අදහස් (5)

බස් - ත්‍රිරෝද රථ ගැටී දෙකක් මරුට

Raju Tuesday, 01 February 2022 11:44 PM

බොහෝ පාරවල්වල නිසි ඉඩකඩ වෙන් නොකිරීම මෙවැනි අනතුරු සිදුවීමට මූලික හේතුවයි. මේ ක්‍රමය නිසි පරිදි සිදුකළොත් 99%ක්ම මාර්ග අනතුරු වැළැක්විය හැකියි.

:       0       2

Raveendra Wednesday, 02 February 2022 06:02 AM

විනීත රියදුරන්ගේ විනීත රියපැදවීම "කරණකොට ගෙන" විනීත ප්‍රථිඵල ලබාගෙන ඇත...

:       0       1

Nihal silva Wednesday, 02 February 2022 07:32 AM

මිනී මරන්න ලයිසන් අරගෙන ඉන්න බස් රථ රියදුරන් මර්දනය කිරීමට පියවර ගත යුතුයි...

:       0       2

Gunda Wednesday, 02 February 2022 11:52 AM

බස් එකක හැප්පුණොත් ත්‍රි රෝද රථයක් නෙමෙයි... රෝද 4 ක් වුණත් චප්ප වෙනවා. බස්වලට වේග සීමා නැහැනේ... අපි නගරයක කිමී 50කට වඩා වේගයෙන් ගියොත් දඩ. ඔහොම යං..!

:       0       0

fairoos Wednesday, 02 February 2022 12:28 PM

හැමදාම අහන්න ලැබෙන ඉතාම කණගාටුදායක ප්‍රවෘත්ති..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site