(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මීරිගම පස්යාල මාර්ගයේ ගමන්ගත් ඉන්ධන බවුසරයක  රියදුරා හදිසියේ රෝගාතුරු වී මිය යාම නිසා ඔහුගේ පාලනයෙන් ගිලිහුණු බවුසරය අධිබලැති විදුලි රැහැනක ගැටී  පොල් ගස් දෙකක් පෙරලාගෙන ගෙස් නතර වීම නිසා රිය සහායකයා තුවාල ලබා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළ බව නිට්ටඹුව මූලස්ථාන පොලීසිය පවසයි.

මෙම බවුසරය සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිට ඩීසල් රැගෙන කල්මුණේ දක්වා ධාවනය වීමෙන් තිබූ එකක් යැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ඉන්ධන රැගත් තෙල් බවුසරය පදවාගෙන යන අතර වාරයේ රියදුරා එක්වරම රිය සහයක අසුනට ඇද වැටුණු බවත් ඔහු හෘද රෝගීයකු  බවත් තොරතුරු අනාවණය වි ඇතැයි  පොලීසිය සඳහන් කරයි.

රියදුරා රිය සහයක අසුනට ඇද වැටීමෙන් පසු අධිබල විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුරුව පොල් ගස් දෙකක ද ගැටී නතර වූ බව ඔහු වැඩිදුරටත් පොලීසියට පවසා ඇතැයි කියති.

ඉන් මුදාගෙන වහාම වතුපිටිවල රෝහලට රැගෙන ගොස් ඇතැයිද පොලිස් ආරංචි මාර්ග පවසයි.

වෛද්‍යවරුන් පරීක්ෂාකර බලා රියදුරා මිය ගොස් ඇති බව දැනුම් දී ඇතැයි දපොලිසිය සඳහන් කරයි.