
(යොහාන් භාසුර)
බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගෙන් ලිඛිත එකඟතාවයක් ලැබුණු පසු ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තිය සමිති ගෙනයන අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවන බව ලංවිම නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා අද (14) පැවසීය.
විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති කිහිපයක් කොළඹ දී අද(14) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක දී ප්‍රභාත් ප්‍රියන්ත මහතා එසේ පැවසීය.
ගැටලුසහගත තත්වය නිරාකරණය කර ගැනීම සඳහා ලංවිම වෘත්තිය සමිති ඉදිරිපත් කළ යෝජනා විසිහතරටම බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පෙරේදා පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළකළ බවත් එම එකඟතාවය ලිඛිතව ලබාදෙන ලෙස අමාත්‍යවරයාට වෘත්තීය සමති පැහැදිලිව ප්‍රකාශ කළ බවත් ප්‍රියන්ත මහතා කීය.
එම සාකච්ඡාවේ එකඟතාවයන් ලිඛිතව ලැබුණු වහාම දැනට ක්‍රියාත්මක කරන වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන බවද ප්‍රියන්ත මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට කල අලාභය රුපියල් මිලියන පන්ලක්ශ පනස්නමදහක්. ඉලක්කමෙන් ලියන්නටත් අපහසු මුදලක්. ඒක කලේ ඉන්ජිනේරු විදුලි මාෆියාව. කිසිම ඉල්ලීමක් දෙන්න එපා. කරන්න බැරි නම් යන්න කියන්න ජනතාවට තව දුරටත් පව් නොදී. වැඩ කරන්න පුලුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ඕන තරම් රටේ ඉන්නවා.
ආපසු නොහැරෙන්න යවල දාන්න.
රජය ඔය ගොල්ලන්ව හුරතල් කරාට, දැන් මේ විදුලි බිල වැඩිව්ම, නිතර නිතර විදුලිය බිඳවැටීම සහ වෝල්ටීයතාවය උච්ඡාවචනය වීම නිසා විදුලි උපකරණ විනාශවීම වැනි කාරණා නිසා ජනතාවගේ නම් රතු කට්ට පැනලා තිබෙන්නේ, හොරකම්, දූෂණ නවත්වලා දැන්වත් වැඩ කරන්න... ජනතාව ඉස්සර වගේ නොවේ රටේ ප්‍රශ්න ගැන හරි සංවේදියි, දැක්කනේ පෙරකදෝරුවා සහ පොලිස් නිලධාරියාගේ ප්‍රශ්නේ කෙලවර වුණු ආකාරය.. පෙරකදෝරුවාගේ ප්‍රශ්නේ වගේ නොවේ විදුලි ප්‍රශ්නේ හැමෝටම බලපානවා. ඔයගොල්ලන්ට විරුද්ධව ජනතා මතයක් ගොඩනැගිලා රැල්ලක් ඇතිවුනොත් රජයටත් බැරි වෙනවා ඔය ගොල්ලන්ව බේරාගන්න. දුටු තැන ඔය ගොල්ලට පහර දෙන්න මිනිස්සු පෙළඹේවි...
ලිඛිත එකඟතාවයක් නෙමේ දෙන්න ඕනේ හොඳ 2X2 පොල්ලක් අරන් පස්ස පැත්ත රතු වෙන්න. කාලකණ්ණින්ට, මුන්ට හරි හැටි ග්‍රිඩ් (පද්ධතිය) පාලනය කරගන්න බැහැ. ඒවාට පුද්ගලික ආයෝජන එනවාට මොවුන් විරුද්ධ වෙනවා. 440 v යක් ඇවිත් මගේ ගෙදර විදුලි උපකරණ විනාශ වුණු පාඩුව ලක්ෂෙකට වැඩියි. වසරකට ඩොලර් මිලියන 10-15 විතර වටිනා විදුලි උපකරණ රටපුරා විනාශ වෙනවා high voltage ඇවිත්, මේවා අහිංසක මිනිසුන්න්ගේ දේපල නේද? ගෙන්වන්න විදේශ විනිමය නේද වියදම් වෙන්නේ? පාඩුව පාරිභෝගික අපි දරාගන්න ඕනේ.. මොවුන් එනවා තව ලොකුකම් කතාකරන්න...
දකුණු ආසියාවේ සිංගප්පුරුව, ජපානේ වැනි දියුණු රටවල් හැරුණුකොට විදුලි බිල වැඩිම රටක් මේක..., මේවාට වගකියන්න ඕනේ හොරකම් කරපු නිලධාරීන් සහ වෘත්තීය සමිති, ජවීපෙටත් මේකෙන් ගැලවෙන්න බැහැ. දශක ගණනාවක් පුරා ඔවුන්ගේ වුර්තිය සමිතිත් මේ වර්ජකයින්ට උදව් උපකාර කළා. නමුත් දැන් සියලුදෙනාම එකතුව කළ යුත්තේ වර්ජන, තර්ජන ඉල්ලීම් පැත්තකට දමලා දූෂණය වංචාව පිටු දැක, රටේ විදුලි සැපයුම හොඳ ලෙවල් එකකට ගෙනත්, බිල අඩු කර ආර්ථිකය ශක්තිමත් කරන්න.. රටේ කර්මාන්ත වර්ධනය වෙන්නේ විදුලිබිල අඩුවුනොත් පමණි. බැරි කෙනෙක් ඉන්නවා නම් දෙන වන්දිය අරන් ගෙදර යන්න. ඉදිරි ඡන්දෙකදී අලුත් ආණ්ඩුවක් ආවා කියලා ඔය ගොල්ලන්ට බුරුලක් ලැබෙන එකක් නැහැ ... මොකද එන්න එන්නම IMF පීඩනය සහ පොදු ජනතාවගේ පීඩනය දැඩි වෙනවා... එහෙම වුණාම මොන රජයට හරි ඕවා privat කරන්න වෙනවා...