(යොහාන් භාසුර)

ග්‍රාමීය ප්‍රදේශවලට දුම්රියෙන් දැනට ප්‍රවාහනය කරන සියයට 40 ක ඉන්ධන ප්‍රමාණය සියයට 100 ක් දක්වා ඉහළ දැමීමටත් ඩිපෝ සඳහා අවශ්‍ය සියලුම ඉන්ධන දුම්රියෙන් පමණක් ප්‍රවාහන කිරීමට බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා උපදෙස් දී තිබේ.

ඉන්ධන ප්‍රවාහනය බාධාවකින් තොරව පවත්වා ගෙන යෑම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (1) පස්වරුවේ නිකුත් කළේය.

නව ඉන්ධන බවුසර් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පැය 24 පුරා ක්‍රියාත්මක කර සතියක් තුළදී නව බලපත්‍ර ලබාදීමට ද, ඉන්ධන පිරවුම්හල් සතු බවුසර්වලට වෙනම ඉන්ධන පැටවීමේ පර්යන්ථයක් වෙන්කිරීමට මෙන්ම ප්‍රමුඛතාව ලබාදීමට ද, නිර්දේශ කර තිබේ.

ඉදිරි දින දෙක තුළ සේවයට වාර්තා නොකරන ඉන්ධන බවුසර්වල බලපත්‍ර අහෝසි කිරීමට සහ සේවයට වාර්තා කරන බවුසර්වලට බාධාකරන පුද්ගලයන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට, රජයේ බවුසර් උපරිමයෙන් ඉන්ධන බෙදාහැරීමට යෙදවීම, පෞද්ගලික ඉන්ධන බවුසර්වලට ස්ථිර මිල සූත්‍රයක් යටතේ ගෙවීම් සංශෝධන කිරීම, අවශ්‍ය ආරක්‍ෂාව ලබාදීම සහ අමතර ඉන්ධන තොග නිකුත් කිරීම සඳහා පැය 24 පුරා පර්යන්ථය ක්‍රියාත්මක කිරීම යන නිර්දේශ ද අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබේ.