(එම්.සුසිල් ප්‍රියන්ත )

ගෑස් ඉල්ලා ගාලු පාරේ බලපිටිය වැලිතර ප්‍රදේශ මාර්ගය වසා පිරිසක් අද (31) උද්ඝෝෂණයක් ආරම්භ කිරීමත් සමඟම ගාලු පාරේ පැයක පමණ කාලයක් රථ වාහන ගමනාගමනය මුළුමනින්ම ඇන සිටියේය .

තමන්ට ගෑස් ලබාදෙන තෙක් පාරෙන් නොනැගිටින බව උද්ඝෝෂකයෝ පැවසු අතර එහිදී පොලිසිය හා උද්ඝෝෂකයින් අතර දැඩි උණුසුම් තත්වයක් හට ගත්තේය .

උද්ඝෝෂණය සදහා සහභාගිවී සිටි බලපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී උෂාන්ත මෙන්ඩිස් මහතා සහ අහුන්ගල්ල පොලිසියේ නිලධාරියෙක් අතර ඇති වූ වචන හුවමාරුවක් හේතුවෙන්  එහි තත්ත්වය තවත් උණුසුම් විය.