IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බුලත්සිංහල කැලෙන් වල්ලපට්ට කපලා

(ලක්මි කුඩලිගම සහ නයනදුල සෙන්දනායක)

බුලත්සිංහල උඩුගලකන්ද රජයේ රක්ෂිතයට ඇතුළු වී අනවසරයෙන් වල්ලපට්ට දැව කොටස් එක්රැස් කරමින් සිටි කණ්ඩායම් දෙකකට අයත් පුද්ගලයන් හය දෙදෙනකු වල්ලපට්ට කිලෝ හයක් සහ එම දැව කොටස් කැපීමට භාවිතා කරන කැති පිහි පොරොව ඇතුළු ආයුධ සමග සැකපිට අත්අඩංගුවට ගත් බව අඩවි වන නිලධාරිහු කියති.

සැකකරුවන් අයගම සහ අගලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් වල්ලාපට්ටා කැපීම දීර්ඝකාලීනව සිදු කර ගෙන ගොස් ඇති කණ්ඩායමක් බවට සැක කෙරෙන අතර වල්ලපට්ටා කැපීම සඳහා ඔහුන් වෙන මම සකස් කරන ලද මන්න පිහි පොරව ආදී භාවිතා කර ඇති බව.අඩවි වන නිලධාරීන් පවසයි.

මෙම කණ්ඩායම් කැලෑව තුළට ඇතුළු වී වල්ලපට්ටා ගස් වල කොටස් හොර රහසේ කපමින් එම ශාඛවලට හානි කරමින් එක්රැස් කර විකිණිමේ ජාවාරමක නිරත වන බවද අඩවි වන නිලධාරීන් පවසයි.

වල්ලපට්ටා තොගය වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර මෙම වැටලීම ඉංගිරිය අඩවි වන නිලධාරී ලක්ෂ්මන් රත්නවීර මහතාගේ මෙහෙයවීමෙන් බුලත්සිංහල බීට්ටු වන නිලධාරි ඩීපි.වරුෂවිතාන ,වන ක්ෂේත්‍ර සහකාර නුවන් සමීර ,ලලිත් ගුනරත්න, සජිත් විජේනායක ඇතුළු නිලධාරීන් විසින් සිදුකර ඇති අතර සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (0)

බුලත්සිංහල කැලෙන් වල්ලපට්ට කපලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site